Monday, April 29, 2024

2026 දී ඉන්දියාවේ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන්නන් බිලියන 1 ක්

ඉන්දීය ග්‍රාමීය ප්‍රදේශවල අන්තර්ජාල පහසුකම් සහිත දුරකථන අලෙවිය වැඩි වීමත් සමග 2026 වන විට ඉන්දියාවේ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන්නන් බිලියන 1 ක් පමණ වනු ඇතැයි අධ්‍යයනයකින් පුරෝකතනය කර තිබේ.

2021 දී ඉන්දියාවේ ජංගම දුරකථන ග්‍රාහකයින් බිලියන 1.2 ක් සිටි අතර ඉන් මිලියන 750 ක් පමණ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන්නන් වේ.

මේ අතර ඉන්දියාව ඉදිරි වසර පහ තුළ දෙවන විශාලතම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා වීමට සූදානමින් සිටී.

2021 සිට 2026 දක්වා නාගරික අංශය හා සසඳන විට ග්‍රාමීය අංශය විසින් සියයට 6 ක වාර්ෂික වර්ධන වේගයකින් ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය ඉදිරියට ගෙන යාමට ඉඩ ඇති බව ද මෙහිදී පුරෝකතනය කර තිබේ.

අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා දක්වන වැඩි උනන්දුව ස්මාර්ට් ජංගම දුරකථන සඳහා ඉල්ලුම වැඩි කිරීමට සමත්ව ඇති අතර මෙම වැඩි ඉල්ලුම අන්තර්ජාල සෞඛ්‍යය සහ ඉගෙනීමේ අවශ්‍යතාවය මගින් වැඩි කරනු ඇති බව එම අධ්‍යයනයෙන් වැඩිදුරටත් හෙළිවී ඇත.

2026 දී නාගරික වෙළඳපොලේ පවතින දුරකථන වලින් සියයට 95 ක් ස්මාර්ට් ජංගම දුරකථන වනු ඇති බවද මෙහිදී ‍පුරෝකතනය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles