Monday, April 29, 2024

‘ප්‍රකාශන නිදහස’ මැඩලීමේ ඉම්රාන් ඛාන් රජයේ උත්සාහයට මාධ්‍යවේදීන්ගේ විරෝධය

පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සීමාකිරීම සඳහා වන නීතිය හෙළා දකිමින්, පාකිස්තාන ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සංවිධාන නියෝජිතයින් එරට ජනමාධ්‍ය සහ අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවති රැස්වීමකින් ඉවත් වූ බව එරට වාර්තා පවසයි.

ජනාධිපති ආඥා පනතක් මගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට ඉම්රාන් ඛාන් රජය දරන ප්‍රයත්නයට දැඩි ලෙස විරුද්ධ වූ නියෝජිතයන් නව නීතිය ඉවත් කර ගන්නා තෙක් අමාත්‍යාංශය සමඟ මින් ඉදිරියට කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වීමට තීරණය කළ බව ඩෝන් පුවත්පත වාර්තා කර තිබේ.

පාකිස්තාන මානව හිමිකම් කොමිසම ද ප්‍රකාශනයේ නිදහස සඳහා, මාධ්‍ය සංවිධාන නියෝජිතයින් හට සහයෝගීතාවය ප්‍රකාශ කර ඇති බව එම වාර්තාවල දැක්වේ.

ඉලෙක්ට්‍රොනික අපරාධ පනතේ සංශෝධන හරහා සමාජ මාධ්‍ය නියාමනය කිරීමට ඉම්රාන් ඛාන් රජය දරන උත්සාහයට පාකිස්තාන විරුද්ධ පක්ෂවලින් මෙන්ම පාකිස්තාන මාධ්‍ය ආයතනවලින් දැඩි විවේචන එල්ල වෙමින් තිබේ..

සංශෝධනවලට තම විරෝධය ප්‍රකාශ කරමින් පකිස්තානයේ ප්‍රධාන විරුද්ධ පක්ෂ දෙක වන පාකිස්තාන මහජන පක්ෂය සහ පාකිස්තාන් මුස්ලිම් ලීගය ජනාධිපති ආඥාපනත “ව්‍යවස්ථා විරෝධී” ලෙස ප්‍රකාශ කළ බව එම පාකිස්තාන පුවත්පත වාර්තා කළේය.

පාකිස්තාන මාධ්‍ය ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුව නිවේදනයක් නිකුත් කරමින්, ආන්ඩුව සමඟ රැස්වීම “විහිලුවක්” ලෙස නම් කර ඇති අතර කුරිරු සංශෝධන අවලංගු කරන තෙක් සියලු සාකච්ඡා අත්හිටුවන බව ප්‍රකාශ කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles