Wednesday, April 24, 2024

එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකුට ඉන්දියාවෙන් දැඩි ප්‍රතිචාර

ශ්‍රීනගර් හි G20 සමුලුව පැවැත්වීම පිළිබඳ අදහස් දැක්වීම සම්බන්ධයෙන් සුළුතර ගැටළු පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුට එරෙහිව ජිනීවාහි ඉන්දීය නිත්‍ය නියෝජිත කාර්යාලය දැඩි ප්‍රතිචාර දක්වා ඇත.
ඒ අදාල ප්‍රකාශය “පදනම් විරහිත සහ අනවශ්‍ය” එකක් ලෙස පවසමින්.
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලය ට්විටර් සටහනක් තබමින් පැවසුවේ, ” සුලුතර ගැටලු පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ප්‍රකාශය සහ එහි ඇති පදනම් විරහිත සහ අනවශ්‍ය චෝදනා අපි තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. G20 සභාපති ලෙස, රටේ ඕනෑම ප්‍රදේශයක එහි රැස්වීම් පැවැත්වීම ඉන්දියාවේ පරමාධිකාරීත්වයයි.”
සුළුතර ගැටළු පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ෆර්නැන්ඩ් ද වරෙන්ස් “වගකීම් විරහිතව” ක්‍රියා කළ බවට සහ ජම්මු සහ කාශ්මීර ප්‍රශ්නය දේශපාලනීකරණය කළ බවට ඉන්දියාව චෝදනා කළේය.
” ඔහු මෙම ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීමට වගකීම් විරහිතව ක්‍රියා කිරීමත්, විශේෂ වාර්තාකරුවන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහය දැඩි ලෙස උල්ලංඝනය කරමින් ඔහුගේ අනුමාන සහ අගතිගාමී නිගමන සමාජ මාධ්‍යවල ප්‍රචාරය කිරීමට විශේෂ වාර්තාකරු ලෙස ඔහුගේ තනතුර අනිසි ලෙස භාවිතා කිරීමත් ගැන අපි කණගාටු වෙමු,” ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් විය.
දැවැන්ත මානව හිමිකම් කඩවීම් සිදුවෙමින් පවතින අතරතුර ජම්මු සහ කාශ්මීරයේ ජී 20 රැස්වීමක් පැවැත්වීම කාශ්මීර මුස්ලිම්වරුන්ගේ සහ සුළු ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ අනෙකුත් අයිතීන් කුරිරු හා මර්දනකාරී ලෙස ප්‍රතික්ෂේප කිරීම සාමාන්‍යකරණය කිරීමට ඉන්දියාව දරන උත්සාහයන්ට සහයෝගය ලබා දීමක් බව මීට පෙර වරෙන්ස් ට්විටර් සටහනක් තබමින් පැවසීය.
“G20 ඊට පටහැනිව ‘ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශය තහවුරු කළ යුතුය… ජම්මු හා කාශ්මීරයේ තත්වය හෙළා දැකිය යුතුය,” ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.
G 20 සංචාරක ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම මැයි 22 සිට 24 දක්වා ශ්‍රී නගර් හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles