Saturday, July 27, 2024

ඉන්දියාව සහ එක්සත් අරාබිය ඩොලර් පැත්තකට දමයි

ඉන්දියානු සංචිත බැංකුව (RBI) සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව තීරණය කර ඇත්තේ දෙරට අතර වෙළෙඳාමේදී දේශීය මුදල්වලින් ගෙවීමට ඉඩ දීමට එකඟ වෙමින් දෙරට අතර ආර්ථික බැඳීම ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් ඉදිරියට යාමටයි.

එමෙන්ම, දේශසීමා හරහා මුදල් ප්‍රේෂණය කිරීම සඳහා ගෝලීය වශයෙන් භාවිතා කරන SWIFT පද්ධතියට විකල්පයක් සඳහා විය හැකි පණිවුඩකරණ පද්ධතියක් නිර්මාණය කිරීමට ද දෙරට එකඟතාව පල කර තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අබුඩාබි සංචාරයේදී ඉන්දීය මහබැංකු අධිපති ශක්තිකාන්ත දාස් විසින් ඔහුගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහබැංකු අධිපති Khaled Mohamed Balama සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම, එමිරේට්ස් සමාගම්වලට ආයෝජනය කිරීමට කවුළුවක් නිර්මාණය කරන අතරම දෙපාර්ශවයේම වෙළඳුන් විනිමය අනුපාතිකයේ උච්චාවචනයන්ගෙන් ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉන්දියාවේ ඉහළම වෙළඳ හවුල්කරුවන් තිදෙනා අතර වන අතර ඉන්දියානු සංචාරකයින් සඳහා ප්‍රධාන ගමනාන්තයක් වීමට අමතරව බොහෝ ඉන්දියානුවන් එරට රැකියාවේ නිරත වේ.

අවබෝධතා ගිවිසුම් ජාතීන් දෙක අතර සහයෝගීතාවයේ වැදගත් අංගයක් ලෙස විස්තර කරමින් මෝදි පැවසුවේ, “එය වැඩිදියුණු කළ ආර්ථික සහයෝගීතාවයට මග පාදන අතර ජාත්‍යන්තර මූල්‍ය අන්තර්ක්‍රියා සරල කරනු ඇත. අපේ ද්විපාර්ශ්වික වෙළෙඳාම 20%කින් වර්ධනය වී තිබෙනවා. ප්‍රථම වතාවට ඩොලර් බිලියන 85 ක වෙළඳාමක් අත්කරගෙන ඇති අතර නුදුරේදීම ඩොලර් බිලියන 100 ක ඉලක්කය සපුරා ගන්නෙමු.” යනුවෙනි.

ඉන්දීය රජය සහ සංචිත බැංකුව රුපියල ජාත්‍යන්තරකරණය කිරීමට උත්සාහ කරන අතර, රටවල් 18 ක බැංකු 60 කට රුපියල් මගින් වෙළෙඳ ගනුදෙනු පියවීමට අවසර දී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ඇති අවබෝධතා ගිවිසුම තවත් පියවරක් ඉදිරියට යෑමකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles