ඉන්දු – ඇමෙරිකා වෙළඳා සාකච්ඡා යළි ඇරඹේ

0
322

ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් වෙළඳාම සහ ආයෝජන සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර වානිජ සංවාදය මේ වසරේ යළි ආරම්භ කිරීමට නියමිතය. මෙවර එය පවත්වන ලද්දේ වසර තුනක විරාමයකට පසුවයි.

ඉන්දියානු-ඇමරිකා වානිජ සංවාදය අවසන් වරට පැවැත්වුණේ 2019 පෙබරවාරි මාසයේදීය. එතැන් සිට වසංගත සහ වෙනත් සාධක හේතුවෙන් එය පැවැත්වීමට නොහැකි විය.

“සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව සහ විවිධාංගීකරණය සහ නව නැගී එන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් උපායමාර්ගික ඉදිරි දැක්මක් සමඟ සංවාදය නැවත දියත් කිරීමට යෝජනා කර ඇත,” යයි වානිජ අමාත්‍යාංශය මෙම සංවාදය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එක්සත් ජනපද වාණිජ ලේකම් ජිනා රයිමොන්ඩෝ ද මෙම සංවාදය සඳහා එක්වීමට නියමිත වේ. ඉන්දියාව, එක්සත් ජනපදයේ නවවන විශාලතම වෙළඳ හවුල්කරු වන අතර එක්සත් ජනපදය, ඉන්දියාවේ විශාලතම වෙළඳ සහකරු සහ විශාලතම අපනයන ගමනාන්තය වේ.

2022 දී රටවල් දෙක අතර ද්වීපාර්ශ්වික භාණ්ඩ වෙළඳාම ඩොලර් බිලියන 131 ඉක්මවා ගියේය. මෙම වසරේ සමස්ත භාණ්ඩ හා සේවා වෙළඳාම ඩොලර් බිලියන 180 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here