ඉන්දීය බ්‍රසීල නාවික හමුදා අතර එකගතාවයක්

0
432

බ්‍රසීල නාවික හමුදාවේ කාර්මික නිෂ්පාදන සහ ඉංජිනේරු අධ්‍යක්ෂ, වයිස් අද්මිරාල් ලිබරල් එනියෝ සනෙලැටෝගේ නායකත්වයෙන් යුත් බ්‍රසීල නියෝජිත පිරිසක් පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වෙත පැමිණ තිබේ.

ඒ සබ්මැරීන නඩත්තුව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් බ්‍රසීලියානු සහ ඉන්දීය නාවික හමුදා අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණිනි.

නියෝජිත පිරිස ඉන්දියානු නාවික හමුදාවේ ප්‍රයත්නයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සබ්මැරීන නඩත්තුව මෙන්ම සාමාන්‍ය නඩත්තු කටයුතු, ආයුධ සහ සංවේදක වැඩිදියුණු කිරීම සහ ස්වයං විශ්වාසය සාක්ෂාත් කර ගැනීම ඇතුළු අන්‍යෝන්‍ය සහයෝගීතා ක්ෂේත්‍ර වර්ධනයන් පිළිබද සාකච්ඡා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ඔවුන් මුම්බායිහි බටහිර නාවික විධානයේ ද සංචාරය කර කළ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here