Saturday, July 27, 2024

දීප්තිමත් අනාගතයක් ගැන මෝදිගෙන් සහතිකයක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය දා සිය අමෙරිකානු සංචාරය නිමා කළේ දෙරටටම වැදගත් වන දේශපාලන, ව්‍යාපාරික සහ තාක්ෂණික අංශයේ කරුණු රැසකට එකඟතා ඇති කරගනිමින්.

සිය රාජ්‍ය සංචාරය අතරතුර ඔහු ධවල මන්දිරයේදී දෙරටේ ව්‍යාපාරික ප්‍රවීණයන් හමු වී තිබුණා.

එම ප්‍රවීණයින් හමුවේ ඉන්දීය අගමැතිවරයා පැවසුවේ ඉන්දියානු දක්ෂතා සහ එක්සත් ජනපදයේ තාක්‍ෂණික දියුණුව එක්වීම දීප්තිමත් අනාගතයක් සහතික කරන බවයි.

කෘෂිකර්මාන්තයේ සිට අභ්‍යවකාශය දක්වා සෑම අංශයකින්ම ව්‍යාපාරික ප්‍රධානීන් එම රැස්වීම සඳහා පැමිණ ඇති බව ඔහු මෙහිදී සිහිපත් කළා.

ඔවුන්ගෙන් ඇතැමෙක් හොඳින් ස්ථාපිත ව්‍යාපාර නියෝජනය කරන අතර තවත් සමහරෙක් ප්‍රමුඛ මට්ටමේ ආරම්භකයින්.

රිලයන්ස් ඉන්ඩස්ට්‍රිස් හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මුකේෂ් අම්බානි, මහින්ද්‍රා හි සභාපති ආනන්ද් මහින්ද්‍රා, Zerodha සහ True Beacon සම-නිර්මාතෘ නිඛිල් කාමත් සහ 3rdiTech සම-නිර්මාතෘ ව්‍රින්ද්‍රා කපූර් යන පිරිස ඉන්දීය ව්‍යාපාරික දූත පිරිසේ කොටසක් ලෙස රැස්වීමට එක්ව සිටියා.

Microsoft ප්‍රධාන විධායක නිලධාරි සට්‍යා නඩෙලා, Apple ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්, Google ප්‍රධාන විධායක නිලධාරි සුන්දර් පිචෙයි, OpenAI ප්‍රධාන විධායක නිලධාරි සෑම් ඕල්ට්මන්, AMD ප්‍රධාන විධායක නිලධාරි ලීසා සූ, NASA ගගනගාමී සුනීතා විලියම්ස් මෙම රැස්වීමට සහභාගී වූ ඇමරිකානු නියෝජිතයින් අතර වුණා.

මෙහිදී ඇමරිකානු ජනාධිපති බයිඩ්න් පැවසුවේ මෙම හවුල්කාරිත්වය දරුවන්ට නිදහස්, වඩාත් සුරක්ෂිත සහ සමෘද්ධිමත් අනාගතයක් සහතික කරනු ඇති බවයි.

අපගේ සහයෝගිතාව වැදගත් වන්නේ අපගේ ජනතාවට පමණක් නොව මුළු ලෝකයටමයි, මන්ද අපගේ හවුල්කාරිත්වය මීළඟ ජයග්‍රහණයට හෝ ඊළඟ ගනුදෙනුවට වඩා විශාල වන බැවින්” යැයි ඇමෙරිකානු ජනපතිවරයා ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles