Tuesday, May 14, 2024

ඉන්දීය  විශ්වවිද්‍යාල ජාත්‍යන්තරයට යෑමේ  සූදානමක

ඉන්දීය විශ්වවිද්‍යාලවල ශාඛා හෝ මණ්ඩප විදේශ රටවල්වල පිහිටුවීම සම්බන්ධයෙන් එරට අවධානය යොමුව තිබේ.

ඊට අදාළ රෙගුලාසි සූදානම් කර ඇති අතර ඉදිරි මාසය තුළ ඒවා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඉන්දීය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති එම් ජගදේශ් කුමාර් පවසයි.

එලෙස ඉන්දීය විශ්වවිද්‍යාල පිහිටුවීමට අවධානය යොමු වී ඇති රටවල් අතර අප්‍රිකානු සහ ගල්ෆ් රටවල්, තායිලන්තය සහ වියට්නාමයද වෙයි.

PTI පුවත් සේවය වෙත අදහස් දක්වමින් ජගදේශ් කුමාර් පැවසුවේ විදේශයන්හි විශ්වවිද්‍යාල පිහිටුවීමේ කටයුත්තේ දී ඒ සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සැපයීමට රටවල් කිහිපයක්ම ඉදිරිපත්ව ඇති බවයි.

ඉන්දීය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේ දක්වා ඇති “අධ්‍යාපනයේ ජාත්‍යන්තරකරණ” සැලැස්මට ප්‍රධාන ප්‍රතිසංස්කරණ තුනක් ඇතුළත් කර ඇත. විදේශ විශ්වවිද්‍යාල සඳහා ඉන්දියාව තුළ අවස්ථාව ලබා දීම , ඉන්දීය විශ්වවිද්‍යාල සඳහා විදේශයන්හි අවස්ථාව ලබා ගැනීම, විදේශීය විශ්වවිද්‍යාල සමඟ සහයෝගයෙන් ද්විත්ව උපාධි සහ ඒකාබද්ධ උපාධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය ඊට ඇතුළත්වේ.

” ඉන්දියාව විශාල විශ්වවිද්‍යාල පරිසර පද්ධතියකින් සමන්විතයි. මධ්‍යම රජයේ  සහ ප්‍රාන්ත රජයේ අරමුදල් ලබන විශ්වවිද්‍යාල මෙන්ම සහ කැපී පෙනෙන මට්ටමේ පෞද්ගලික විශ්වවිද්‍යාලත් ඉන්දියාව සතුයි. එම විශ්වවිද්‍යාල විදේශයන්හි ඔවුන්ගේ මණ්ඩප පිහිටුවීමට දිරිමත් කිරීමටයි අපට අවශ්‍ය වන්නේ.” යැයි ද  ඔහු ප්‍රකාශ කර ඇත.

ඉන්දීය  විශ්වවිද්‍යාල පිළිගැනීමට කැමැත්ත පළ කර ඇති රටවල්  සම්බන්ධයෙන් කළ විමසීමකදී විමසීමකට පිළිතුරු දෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා පවසා ඇත්තේ, අප්‍රිකානු රටවල ඉන්දීය විශ්වවිද්‍යාල පිහිටුවීමේ  විශාල ඉඩකඩක් ඇති බවයි. ඊට අමතරව තායිලන්තය වියට්නාමය සහ ගල්ෆ් රටවල් කිහිපයක්ද මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් පසුවන බව ඔහු පෙන්වාදී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles