Saturday, July 27, 2024

සිසුන්ට දඬුවම් කිරීම අයුක්තිසහගත බව ඉන්දියාව කැනඩාවට කියයි

“ව්‍යාජ ඇතුළත් වීමේ දීමනා ලිපි” සම්බන්ධයෙන් කැනඩාවේ සිටින සිය ගණනක් ඉන්දියානු සිසුන් පිටුවහල් කිරීමට මුහුණ දෙන බවට වන වාර්තා මධ්‍යයේ, විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් කියා සිටියේ සද්භාවයෙන් අධ්‍යාපනය ලැබූ සිසුවෙකුට දඬුවම් කිරීම අසාධාරණ බවත් ඔවුන් නොමග යැවූ වැරදි පාර්ශවයන්ට එරෙහිව පියවර ගත යුතු බවත්ය.

මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජයිශංකර් පැවසුවේ ඉන්දීය සිසුන් සම්බන්ධයෙන් ඉන්දියාව දිගින් දිගටම බලපෑම් කරන බවයි.

“ඊයේ කැනේඩියානු අගමැතිතුමා එහි පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා, ඇමතිතුමත් ට්විටර් එකක් දැම්මා, එයාලා අපේ මහ කොමසාරිස් එක්කත් කතා කර කර ඉන්නවා. මම හිතන්නේ කැනේඩියානුවන්ත් පිළිගන්නවා ශිෂ්‍යයෙක් එහෙම වරදක් නොකළා නම් ඒක අසාධාරණයි කියලා…. අපි දිගටම බලපෑම් කරනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

පන්ජාබ් අමාත්‍ය කුල්දිප් සිං ධාලිවාල් විසින් පිටුවහල් කිරීමට මුහුන දී සිටින බහුතරයක් පන්ජාබ් ජාතිකයන් වන ඉන්දියානු සිසුන් 700ක්, පිළිබඳ මෙම ප්‍රශ්නය මධ්‍යම රජයට යොමු කර ඇති අතර, ජයිශංකර් වෙත ලිපියක් යවමින් ධලිවාල් ඉල්ලා සිටියේ සිසුන් පිටුවහල් නොකර රැකියා අවස්ථා ලබා දෙන ලෙස කැනඩාවට බල කරන ලෙසත්ය.

සිසුන් වංචා කළ නියෝජිතයින්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඔහු ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාගෙන් ඉල්ලා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles