ඉන්දියා-නැගෙනහිර ආසියා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කෙ‍රේ.

0
434

ඉන්දියාව-මියන්මාරය-තායිලන්තය යන ත්‍රෛපාර්ශ්වික අධිවේගී මාර්ගයේ වැඩකටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පැවති බාධා මගහරවා ගෙන අදාළ ඉදිකිරීම් යළි ආරම්භ කර ඇති බවත් ඉදිරි වසර හතරක කාලය තුළ මෙය අවසන් කිරීමට කටයුතු යොදා ඇති බවත්ය.

මූලික අධියරේ දී මෙය කිලෝමීටර් 1,360ක් දිගින් යුතු වනු ඇති අතර එය තායිලන්තයේ මායි සොට් හා මියන්මාරය හරහා ඉන්දියාවේ මෝරේ සම්බන්ධ කරනු ඇත.

පසුව මෙම මාර්ගය කාම්බෝජය, ලාඕසය සහ වියට්නාමය දක්වා ද දීර්ඝ කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් සමස්ත කලාපයටම කැපී පෙනන සංවර්ධව ප්‍රතිලාභ අත්වනු ඇති බව විශේෂඥ මතයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here