ISISට එරෙහිව ජර්මනිය දැවැන්ත මෙහෙයුමකට

0
308

අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් ජර්මනියට එල්ලවී ඇති තර්ජනයත් සමග දැවැන්ත මෙහෙයුමක් සිදු කිරීමට ජර්මනිය සුදානම් වන බව වාර්තා වේ.

ඒ අනුව හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා වන ජාතික ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින අතර ඒ අනුව සියලු ජර්මානුවන් දින 10කට සරිලන ලෙස ආහාර හා ජලය රැස්කර තබා ගන්නා ලෙසට ජනතාවට දැනුම් දීමට යයි.

ජර්මනිය වෙත එල්ල වී ඇති ත්‍රස්ත තර්ජන සම්බන්ධයෙන් ජර්මන් ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් සිදුකරනු ලැබූ පිටු 69කින් යුතු රහසිගත වාර්තාවක් උපුටා දක්වමින් එරට මාධ්‍ය මේ පිළිබඳව හෙළිදරව් කර තිබේ. මේ පිළිබඳව බදාදා දිනයේදී එරට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමටද නියමිත බව වාර්තා වේ.

සිරියාව ඇතුළු මැද පෙරදිග කලාපය තුළ ක්‍රියාත්මක අයි.එස් ත්‍රස්වාදීන්ගේ ප්‍රහාර හේතුවෙන් සරණාගතයින් ලෙස මිලියන ගණනක් ජනතාවට යුරෝපය වෙත සංක්‍රමණය වූ අතර එම ජනතාව සමගද අයි.එස්. ත්‍රස්තවාදීන්ට යුරෝපා රටවලට ඇතුළු වී ඇති බවට සැක කෙරේ. පසුගිය දිනවල ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරත් සමග මෙම හදිසි ක්‍රියාමාර්ග ගැනීමට ජර්මනිය සූදානම් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here