Wednesday, May 15, 2024

ඉතාලි භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහළට

ඊයේ අළුයම මධ්‍යම ඉතාලියේ සිදු වූ රික්ටර් පරිමාණයේ ඒකක 6.2ක ප්‍රබල භූකම්පනයෙන් මිය ගිය පුද්ගලයින් ගණන 241ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

භූකම්පනය හේතුවෙන් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් බේරා ගැනීමට සිදු කරන සහන කටයුතු සඳහා දැඩි බලපෑමක් එල්ල කරමින් මේ වනවිට පසු කම්පන සියයකට අධික ප්‍රමාණයක් සිදුව ඇති බව වාර්තා වේ.

භූකම්පනය හේතුවෙන් වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මධ්‍යම ඉතාලියේ ඇමෙට්‍රිස්හිය. එම ප්‍රදේශයේ පුද්ගල මරණ 184ක්ද අනෙකුත් ප්‍රදේශවලින් පුද්ගල මරණ 57ක්ද මේ වනවිට වාර්තා වී තිබේ.

භූකම්පනයෙන් අනතුරට පත්වූවන් සොයා මේ වනවිට 4,000කට අධික සහන සේවා කණ්ඩායමක් මුදාගැනීමේ කටයුතු වල නිරත වන බව පැවසෙන අතර භූකම්පනය හේතුවෙන් බරපතලම හානි සිදුව ඇත්තේ මධ්‍යම ඉතාලියේ Amatrice,Accumoli,pescara delTronto යන ප්‍රදේශවලට බව වාර්තා වේ. එම ප්‍රදේශයන්ගේ නිවාස සියල්ලක්ම පාහේ මුළුමනින්ම බිමට සමතලා වී ඇති බව වාර්තා වේ.ITHALI 2 ITHALI 2 ITHALI 3 ITHALI 4

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles