අප්‍රිකානු රටවල ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය වැඩිවෙමින් පවතින බවට වාර්තා

0
280

අප්‍රිකානු මහාද්වීපය තුළ පසුගිය මාස කිහිපයේ දී ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයේ නව කේන්ද්‍රස්ථානය බවට පත්වී ඇතැයි එක්සත් ජනපද ප්‍රතිපත්ති පර්යේෂණ කණ්ඩායම (POREG) අනාවරණය කර තිබේ.

අප්‍රිකාවේ සටන්කාමී ඉස්ලාමීය කණ්ඩායම් විසින් සිවිල් වැසියන්ට එරෙහි සිදුකර ඇති ප්‍රචණ්ඩත්වය පිළිබද වාර්තාවකට අනුව, 2016 හි සියයට 14 ක් ව පැවති සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාර, 2021 දී සියයට විසි පහ දක්වා වැඩිවී ඇත.

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආයතනයක අප්‍රිකානු මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවේ සඳහන් වන්නේ, සෝමාලියාව, සහෙල්ය , චැඩ් විල, උතුරු මොසැම්බික් සහ උතුරු අප්‍රිකාවේ සිවිල් ජනතාව සිය දෛනික ජීවිතයේ කොටසක් ලෙස ඉස්ලාමීය සටන්කාමීගේ ප්‍රචණ්ඩකාරී ප්‍රහාරවලට ගොදුරැ වී ඇති බවයි.

2017 වසරේ සිට සහෙල් හි ඉස්ලාමීය ප්‍රචණ්ඩත්වය සීඝ්‍ර ලෙස උත්සන්න වී ඇති බව ද එම වාර්තාව සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here