ඉන්දියාව භූතානය සමග අභ්‍යවකාශයට

0
299

ඉන්දියාව සහ භූතානය එක්ව දියත් කළ චන්ද්‍රිකා සඳහාවූ පෘථිවි මධ්‍යස්ථානයක් තිම්පු හි විවෘත කෙර තිබේ. ඒ ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානයේ සභාපති සහ භූතාන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

ඉන්දු – භූතාන හවුල්කාරීත්වයන් ඉදිරියට ගෙනයෑමේ තවත් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකි බව භූතානයේ ඉන්දීය තානාපති කාර්යාලය පවසයි.

මෙම මධ්‍යස්ථානයට අදාළ ‘භූතාන් සැට්’ නම් චන්ද්‍රිකාවෙන් ලබා ගන්නා දත්ත රට තුළ වනාන්තර පද්ධති, ජලයේ ගුණාත්මක තත්ත්වය, හිම හා ග්ලැසියර ආවරණය තක්සේරු කිරීම සඳහා යොදා ගැනීමෙන් භූතාන වැසියන්ට ඉමහත් ප්‍රයෝජන අත්කර ගත හැකි වනු ඇත.

මෙම උත්සවයට සමගාමීව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) සභාපති එස්. සෝමනාත් ප්‍රමුඛ දූත පිරිස භුතානයේ විදේශ කටයුතු සහ විදේශ වෙළෙඳ අමාත්‍යවරු සමග ඉන්දු-භූතාන අභ්‍යවකාශ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ උපායමාර්ග පිළිබඳ සාකච්ඡා කළ බව භූතාන මාධ්‍ය වාර්තා කර තිබේ.

2022 දී ඉන්දියා-භූතාන ඒකාබද්ධ චන්ද්‍රිකාව දියත් කිරීම ඇතුළුව අත්පත් කරගත් අත්දැකීම් සහ සන්ධිස්ථාන පිළිබඳව නියෝජිතයෝ සමාලෝචනය කර ඇත.

භූතානයේ ඉන්දීය තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ධාරිතා වර්ධනය තුළින් අභ්‍යවකාශ තාක්ෂණික සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳ පුළුල් සාකච්ඡාවක් පැවැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here