Sunday, April 28, 2024

ජපානය සිය ජාතික ආරක්ෂක උපාය මාර්ගය තුළ චීනය ආරක්‍ෂක ‘තර්ජනයක්’ ලෙස නම් කරයි

ජපානය සිය සංශෝධිත ජාතික ආරක්ෂක උපායමාර්ගය තුළ චීනය පෙර නොවූ විරූ උපායමාර්ගික අභියෝගයක් ලෙස නම් කරනු ඇති බව වාර්තා‍ වේ.

විශ්ලේෂකයින් පවසන්නේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් දශකයකට ආසන්න කාලයක් පැවති බවත් මෙම පියවර කලාපයේ භූ දේශපාලනික වෙනස්කම් සැලකිල්ලට ගෙන සිදුකර ඇති එකක් බවත්ය.

පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය සහ එහි සභාග හවුල්කාර කොමේටෝ 2013 දී එය සකස් කිරීමෙන් පසු ප්‍රථම වරට උපායමාර්ගික ලේඛනය සංශෝධනය කිරීමට පසුගිය සඳුදා එකඟ වූහ.

යාවත්කාලීන කරන ලද ජාතික ආරක්ෂක උපාය මාර්ග සහ ජාතික ආරක්ෂක වැඩසටහන් මාර්ගෝපදේශ සමඟ ප්‍රතිපත්ති පත්‍රය, අනුමැතිය සඳහා ජපානයේ ජාතික ව්‍යවස්ථාදායකය වන ‘ඩයට්’ ඉදිරිපත් කිරීමට පෙර මෙම සතියේ අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.

2027 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 ක් සඳහා ජපානය ආරක්ෂක වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නංවන බවට අගමැති ෆුමියෝ කිෂිඩා විසින් මෑතකදී කරන ලද නිවේදනය සමඟ එය සමපාත වේ.

ජපානය වසර ගණනාවක් තිස්සේ ආරක්ෂක වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 කට සීමා කරන නිල නොවන ප්‍රතිපත්තියකට අනුගත වී ඇති නමුත් එය පසුගිය දශකය තුළ ඉහළට දමමින් පවතී.

මාධ්‍ය වාර්තා වලට අනුව, ජපාන ජාතික ආරක්ෂක උපාය මාර්ග ලේඛනයේ චීනය “තර්ජනයක්” ලෙස සඳහන් කර චීනය “ජාත්‍යන්තර ප්‍රජාවට සැලකිල්ලක් දැක්විය යුතු ප්‍රශ්නයක්” ලෙස විස්තර කර ඇති බව සදහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles