Sunday, May 5, 2024

ජම්මු කාශ්මීරයට මධ්‍යම රජයෙන් කෝටි 8900ක්

මේ වසර සඳහා ජම්මු කාශ්මීරයට මධ්‍යම රජයෙන් ඉතිහාසයේ ලැබුණු ඉහළම මුදල වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 8938ක් ලැබී තිබේ.
එය පසුගිය වසරට වඩා සියයට 15ක වැඩි වීමකි.
තවද, මෙම කාල සීමාව තුළ විවිධ යෝජනා ක්‍රම යටතේ ප්‍රදේශයේ උත්පාදනය කෙරුණු රැකියා අවස්ථා ගණන2,63,595ක්.
විවිධ පරාමිතීන් යටතේ 2022-23 වසර තුළ ජම්මු හා කාශ්මීරයේ සමස්ත කාර්ය සාධනය සමාලෝචනය කිරීමෙන් පසුව එයම අනාවරණය විය.
එමෙන්ම 2023 මාර්තු සඳහා භාණ්ඩ හා සේවා බදු (GST) යටතේ ආදායම් එකතු කිරීම සම්බන්ධයෙන්, යූනියන් ප්‍රදේශය, පන්ජාබ් (10.37), චන්දිගාර් (10.09), දිල්ලි (17.72) ප්‍රාන්තවලට සාපේක්ෂව සියයට 29.42 ක වර්ධනයක් වාර්තා කළේය.
මෙම සියලු ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වී ඇත්තේ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයාගේ පරිපාලනය යටතේ විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම හැරුණු විට පසුගිය වසර කිහිපය තුළ ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කිරීමෙන් පසු ක්‍රියාත්මක වූ කාර්යක්ෂම යාන්ත්‍රණය හේතුවෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles