ජම්මු කාශ්මීර ප්‍රථම ජාතික චිත්‍රපට උළෙල ජුනි 15 දා

0
466

ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ප්‍රථම ‘ජාතික චිත්‍රපට උළෙල’ ජුනි 15 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.
මෙය විවිධ චිත්‍රපට , ප්‍රබන්ධ, වාර්තා චිත්‍රපට, කෙටි චිත්‍රපට සහ විවිධ ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයින්ගේ, සංගීත නිෂ්පාදකයින්ගේ සහ කලාකරුවන්ගේ සංගීත වීඩියෝ නැරඹීමට කාශ්මීර වැසියන්ට ස්වර්ණමය අවස්ථාවක් ලබා දෙනු ඇති බව එර‍ට වාර්තා පවසයි.

විශේෂාංග චිත්‍රපට, විශේෂාංග නොවන චිත්‍රපට සහ සංගීත වීඩියෝ ඇතුළු පුළුල් කාණ්ඩ තුනක් යටතේ සම්මාන දිනා ගැනීමේ අවස්ථාව සඳහා ජම්මු කාශ්මීර පළමු ජාතික චිත්‍රපට උළෙල සඳහා ඔවුන්ගේ මුල් චිත්‍රපට ඉදිරිපත් කරන ලෙස කලාකරුවන්ට අමතරව ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයින්ට සහ සංගීත නිෂ්පාදකයින්ට ආරාධනා කර තිබේ..

චිත්‍රපට උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවයේදී සම්මාන 40 කට අධික ප්‍රමාණයක් පිරිනැමීමට නියමිත අතර ජයග්‍රාහකයන්ට මුදල් , සහතික සහ පදක්කම් ද පිරිනැමේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here