Friday, April 26, 2024

චීනයේ වැඩිහිටියන්ට ප්‍රමාණවත් ලෙස කෝවිඩ් එන්නත් ලබාදී නැහැ.

චීනයේ වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් බහුතරයක් කොවිඩ්-19 ට එරෙහිව එන්නත් කර නොමැති බව වාර්තා වේ.

ප්‍රමාණවත් සම්පත් තිබියදීත් වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ගෙන් බහුතරයකට තවමත් කොරෝනා එන්නත් ලබා දී නොතිබීම සැකසහිත බව එරට වාර්තා වැඩිදුරටත් පවසයි.

මෙම තත්වය කොවිඩ් හේතුවෙන් මියයන වැඩිහිටි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව ඉහළ නැංවීමට හේතුවී ඇතැයි ද පැවසේ.

කොවිඩ් ආසාදනය වී ෂැංහයි රෝහලකදී මිය ගිය බොහෝ වයෝවෘද්ධ රෝගීන් හට කොවිඩ් එන්නත් ලබා දී නොතිබුණ බව මේ වන විට අනාවරණය වී තිබේ.

කෙසේවෙතත්, චීන කොමියුනිස්ට් පක්ෂයේ හි ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පවසා ඇත්තේ වයස අවුරුදු 80 ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 50 කට වැඩි පිරිසකට එන්නත් ලබා දී ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles