ඇෆ්ගන් ජනතාව පකිස්තානයට එරෙහිව වීදි බසිති.

0
733

පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශ දෙකකට ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කර සිවිල් වැසියන් ඝාතනය කිරීමට එරෙහිව ඇෆ්ගන් වැසියන් විරෝධතා ආරම්භ කර තිබේ.

දහස් ගණනක ජනතාවක් කන්දහාර් හි දී විරෝධතා පෙළපාලි පවත්වා ඇති අතර ගිනිකොනදිග කොඑස්ට් සහ නැඟෙනහිර නන්ගර්හාර් පළාත්වල පදිංචිකරුවෝ මෙම විරෝධය දක්වමින් විරෝධතා රැස්වීම් පැවැත්වූහ.

අප්‍රේල් 16 දා පාකිස්තාන හමුදාව කොඑස්ට් පළාතේ ස්පිරි ප්‍රදේශයට ගුවන් ප්‍රහාරත් කුනාර් පළාතේ ෂිල්ටන් දිස්ත්‍රික්කයට කාලතුවක්කු ප්‍රහාරත් එල්ල කළ අතර මෙහිදී සිවිල් වැසියන් 40 ක පමණ පිරිසක් මියගිය බව පැවසේ.

ඇෆ්ගනිස්තානයේ සිට එල්ල කෙරුණු ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් පිරිසක් මියයාම හේතුවෙන් පකිස්තානය මෙම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඩුරන්ඩ් දේශසීමා රේඛාව ඔස්සේ රැඳී සිටින ත්‍රස්තවාදීන් විසින් පාකිස්තාන භූමියට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here