හොංකොං කඩාවැටෙයි.

0
556

හොංකොංහි ආර්ථිකය සීඝ්‍රයෙන් පිරිහෙමින් ඇති බවත් සියයට තුනක අගයක පැවති හොංකොංහි ආර්ථික වර්ධන ‍වේගය මේ වනවිට සියය‍ට එකයි දශම පහක් දක්වා පහළ බැස ඇති බවත් වාර්තා වේ.

බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති හොංකොං දේශය 1997 දී නිදහස ලබාගත්තද එතැන් සිට එය පාලනය කෙරැණේ චීනයට යටත් විශේෂ ස්වයංපාලන කලාපයක් ලෙසයි.

‍චීනය හොංකොංහි පැවති නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම වෙනස් කරමින් එහි සිය බලපෑම දැඩි කරමින් ඇති බවත් පසුගියදා අලුතින් හදුන්වා දුන් ජාතික ආරක්ෂක නීතිය යටතේ එම තත්වය වඩාත් බරපතල වී ඇති බවටත් චෝදනා එල්ල වනවා.

මේ තත්වය හේතුවෙන් විදේශ ආයෝජකයන් හොංකොං හැරයමින් සිටින බවත් අලුතින් ආයෝජකයන් පැමිණීම සිදුනොවන බවත් හොංකොං පෝස්ට් වාර්තා කර තිබෙනවා.

හොංකොං කේන්ද්‍ර කරගත් ප්‍රබල ආර්ථික සංවිධානයක් වන හොං‍කොංහි ඇමරිකානු වාණිජ මණ්ඩලය සදහන් කර ඇත්තේ තම සාමාජිකයන්ගෙන් සියයට පනස් තුනක් පමණම රට අත්හැර යාමට සූදානම් වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here