ඉන්දු – පැසිෆික් කලාපයේ ස්ථාවර අන්දමින් සිදුවන චීන වර්ධනය සලකා බලද්දී ප්‍රමුඛ වෙළෙඳ සහකරුවකු හා බලවත් අසල්වැසියකු වශයෙන් ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත්වීමේ යෝජනා කොරියානු කර්මාන්ත හා රාජ්‍ය නිලධාරීන් අතර සංවේදී කාරණයක් බවට පත්වෙමින් ඇතැයි දේශපාලන හා ආර්ථික විශ්ලේෂිකාවක වන එරිකා නා ද ස්ටාර් පුවත් සේවයට අනාවරණය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට ඉන්දු පැසිෆික් කලාපය සඳහා තමන්ගේම මාර්ගෝපදේශයක් ඉදිරිපත් කර ඇති අතර ඔවුන්ට වඩා හිතෛෂී රාජ්‍යයන් සේ සැලකෙන ජපානය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමය හා එක්ව මෙම මාර්ගෝපදේශ හා සැලසුම් ඉදිරිපත් කිරීමට අමෙරිකාව කටයුතු කර තිබේ.
මෙම සැලසුම් සමඟ දකුණු කොරියාවේ වර්තමාන පාලනය ද වඩාත් සමීප වෙමින් ඇතැයි ‘ද ස්ටාර්‘ ලිපියේ දැක්වෙයි.
ඒ අනුව අමෙරිකාවේ නායකත්වය යටතේ ඉන්දු පැසිෆික් කලාපය තුළ ආරම්භ කිරීමට යෝජිත ‘Chip 4‘ සන්ධානය හා එක්වීමට කොරියාවේ සූදානමක් ඇතැයි ද එම පුවත් අඩවිය පෙන්වා දෙයි.
එම සන්ධානය සඳහා එක්වන සෙසු රාජ්‍යයන් වනුයේ අමෙරිකාව, ජපානය හා තායිවානය යන රටවල්ය.
පසුගිය මාස කීපය තුළ දකුණු කොරියාව වැඩි වශයෙන් අමෙරිකානු කඳවුර වෙත ආකර්ශනය වූ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ දකුණු කොරියානු සංචාරයෙන් අනතුරුව එරට ප්‍රතිපත්තීන්හි සැලකිය යුතු වෙනස්කම් සිදුවිණි.