කුෂිනගර් වෙත පළමු ජාත්‍යන්තර බෞද්ධ සංචාරකයින් පිරිස පැමිණෙයි.

0
352

වසර දෙකක පමණ කාලයක් පුරා කොවිඩ් වසංගතය හේතුවෙන් බලපෑම් එල්ල වූ සාමාන්‍ය ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ වීමත් සමග වියට්නාමයේ සහ තායිලන්තයේ ඉහළ මට්ටමේ බෞද්ධ නියෝජිත පිරිසක් උත්තර් ප්‍රදේශ් හි කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළට පසුගියදා පැමිණ තිබේ.

වියට්නාම බෞද්ධ සංඝ සභාවේ උප සභාපති සහ ප්‍රධාන ලේකම් අතිපූජ්‍ය තිච් ඩක් තියන් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දූත පිරිස මාර්තු 27 වැනි දින විශේෂ ගුවන් යානයකින් එහි පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියානු රජය විසින් ජාත්‍යන්තර සංචාර සඳහා වන කොවිඩ් මාර්ගෝපදේශ ලිහිල් කිරීමෙන් පසු මෑතකදී විවෘත කරන ලද කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ජාත්‍යන්තර සංචාරයක් සඳහා පැමිණි පළමු පිරිස වේ.

අදාළ ගුවන් තොටුපළ විවෘත කිරීමේ අවස්ථාව් දී එහි ලගා වූයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් වන අතර මෙරට බෞද්ධ භික්ෂූහු සියයකට අධික පිරිසක් ඒ සදහා එක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here