Thursday, May 2, 2024

චීනයෙන් නේපාලයට අවවාදයක්.

නේපාලය තුල චීනයේ ජාතික අවශ්‍යතාවලට හානි විය හැකි දෑ සිදුවිය නොවිය යුතු බවට චීනය විසින් අනතුරු අගවා ඇතැයි වාර්තා වේ.

පසුගිය සතියේ නේපාලයේ කළ සංචාරයේ දී චීන විදේශ අමාත්‍ය වැන්ග් යී නේපාල විදේශ ඇමති නාරායන් ඛඩ්කා සහ අගමැති ෂෙර් බහදූර් ඩියුබා සමඟ කත්මණ්ඩු නුවර පැවති සාකච්ඡාවල දී මෙම අනතුරැ ඇගවීම කර ඇති බව පැවසේ.

වොෂින්ටනයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ප්‍රදානයක් පිළිගැනීමට නේපාලය පසුගිය මාසයේ ගත් තීරණය නිසාමෙම අනතුරැ ඇගවීම කර ඇති බව විදෙස් විචාරකයෝ පවසති.

අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය ආරක්ෂා කිරීමටත් බල දේශපාලනයට විරුද්ධ වීමටත්, කලාපීය සාමයට සහ ස්ථාවරත්වයට දායක වීමටත් නේපාලය සමග එක්ව කටයුතු කරන බව වැන්ග් යී මෙහිදී පැවසූ බව මාධ්‍ය වාර්තා කර තිබිණ.

නේපාල විදේශ ඇමති ඛඩ්කා , නේපාල භූමිය තුළ චීනයට එරෙහි කිසිදු ක්‍රියාකාරකමක් සිදු කිරීමට ඉඩ නොදීමට කැපවන බවට මෙහිදී සහතික වූ බව ද විදෙස් වාර්තවල දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles