Friday, April 26, 2024

ඉන්දියාවෙන් සොයාගත් ලිතියම් විදුලි වාහන සඳහා යොදාගැනේ

ඉන්දියාව විද්‍යුත් වාහන (EV) භාවිතය ඉහළ නැංවීමට සූදානම් වෙමින් සිටින පසුබිමක, රට තුළ ලිතියම් සංචිත විශාල වශයෙන් සොයා ගැනීම විද්‍යුත් වාහන බැටරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අපේක්ෂාවන් වඩාත් ඉහළ නංවා තිබේ.

බලශක්ති, පරිසරය සහ ජලය පිළිබඳ කවුන්සිලයට (CEEW) අනුව, ගිගා වොට් පැය 50ක දේශීය ලිතියම්-අයන බැටරි නිෂ්පාදන ඉලක්කය සපුරාලීම සඳහා ඉන්දියාවට රුපියල් කෝටි 33,750 ක ආයෝජනයක් අවශ්‍ය වේ.

ඉන්දියාවේ ලිතියම් අයන කෝෂ නිෂ්පාදනය වසර 2030 වන විට ගිගාවොට් පැය 70-100 දක්වා පුරෝකථනය කර ඇත.

“ජම්මු කාශ්මීර් හි ඇති ලිතියම් සංචිත ටොන් මිලියන 5.9, සම්පූර්ණයෙන්ම නිස්සාරණය කර බැටරි ශ්‍රේණියේ ලිතියම් බවට පරිවර්තනය කළහොත්, කෝෂ නිෂ්පාදනයට ටෙරාවොට් පැය 06ක් දක්වා සහාය විය හැකි අතර, ඉන්දියාව සිය ඉලක්ක සපුරා ගැනීම සඳහා බොහෝ කාලයක් බලා සිටි තල්ලුවක් ලබා දෙනු ඇත,” Dr. Log9 Materials හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ආක්ෂේ සින්ඝාල් පවසා ඇත.

ලිතියම් යනු සැහැල්ලු හා ප්‍රතික්‍රියාශීලී ලෝහයකි. ස්වභාවික ලිතියම්, බැටරි-ශ්‍රේණියේ ලිතියම් බවට පරිවර්තනය කිරීම සඳහා ඉන්දියාව තුළ නොමැති පිරිපහදු ක්‍රියාවලියක් අවශ්‍ය වේ.

2030 වන විට සාම්ප්‍රදායික ඉන්ධන සහ අභ්‍යන්තර දහන එන්ජින් මගින් ධාවනය වන වාහන මත යැපීම සැලකිය යුතු ලෙස කපා හැරීමේ ඉන්දියාවේ අරමුණ වේ.

පසුගිය වසර දෙක තුළ රට තුළ විදුලි වාහන (EVs) අලෙවිය ඉහළ ගොස් තිබේ. 2020-21 දී EVs 48,179ක් අලෙවි වූ අතර, එම සංඛ්‍යා 2021-22 දී 2,37,811 දක්වා සහ 2022-23 (2022 දෙසැම්බර් 9 දක්වා) 4,42,901 දක්වා වැඩි විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles