Sunday, May 5, 2024

කිතුණුවන් ලන්ඩනයේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය වටලයි

යුරෝපය පුරා සිටින කිතුනුවන් ලන්ඩනයේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයෙන් පිටත රැස්වී, පකිස්ථානයේ පල්ලි ගිනි තැබීම හා කිතුණුවන්ට සිදුවන ප්‍රහාරවලට එරෙහිව විරෝධය පළ කළහ.

විරෝධතාකරුවන් කියා සිටියේ කුරානයට අපහාස කළැයි චෝදනාව මත පාකිස්ථානයේ ජරන්වාලා හි පල්ලි 21කට සහ කිතුනු නිවාස සිය ගණනකට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව තම විරෝධතාව පැවති බවයි.

සාහසික අපරාධ සිදු කළ අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

Human Rights Focus Pakistan (HRFP) හි කරුණු සොයා බැලීමේ වාර්තාවකට අනුව, ෆයිසලාබාද් නුවර ජරන්වාලා හි ක්‍රිස්තියානි ප්‍රජාව ඉලක්ක කර ගත් මෑත කාලීන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පල්ලි 19 ක් විනාශ වී ඇති අතර ක්‍රිස්තියානි භක්තිකයන්ගේ නිවාස 89 ක් ගිනිබත් විය.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, සමස්ත නිවාස 400කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවයි.

ප්‍රහාරයේ පළමු රාත්‍රියේදී කිතුනුවන් 10,000 කට අධික පිරිසක් උක් සහ වෙනත් වගා බිම්වල සැඟවී සිටි බව වාර්තාවේ සඳහන් වේ.

HRFP කණ්ඩායම වින්දිතයින් 150 කට වැඩි පිරිසක් සහ කිතුණු පූජකවරු පෞද්ගලිකව මුණගැසුණු අතර ඔවුන් වින්දිතයන් සහ ආගමික හිංසාවන්, පාඩු සහ ක්ෂණික අවශ්‍යතා පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගත්හ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles