LTTE මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් නිදහස් කෙරේ

0
378

LTTE සංවිධානය නඟාසිටුවීමට ආධාර හා අනුබල දීමේ චෝදනා මත LTTE සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුව අද කැඳවනු ලැබුවා.

එල්.ටී.ටී.ඊ.සංවිධානය නගා සිටුවීමට ආධාර හා අනුබල දීමේ චෝදනාව මත ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක දයා මාස්ටර් හෙවත් වේලායුදම් දයානිධි ට එරෙහිව වවුනියාව මහාධිකරණයේ ගොනු කොට තිබූ මෙම නඩුවේදී වසර දෙකක සිර දඩුවමක් වසර පහක අත්හිටවූ හිර දඩුවමක් වශයෙන් විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන් මහතා විසින් නියම කරන ලදි.

දයා මාස්ටර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්.ඒ සුමන්තිරන් මහතා මහාධිකරණය හමුවේ කියා සිටියෙ ඔහු වරද පිළිගන්නා බවත් ඔහු එල්.ටී.ටී.ඊ.සංවිධානයට සේවය කලේ මාසික වැටුපකට බවත්ය.

එහිදී එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වසර 5කට අත්හිටවූ වසර දෙකක සිරදඬුවමක් ඔහුට නියම කරමින් ඔහුව නිදහස් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here