Saturday, July 27, 2024

ඉන්දියාව සහ මාලදිවයින අතර සබඳතා නව තලයකට එසවේ

ඉන්දියාවේ ‘අසල්වැසි ප්‍රථම’ ප්‍රතිපත්තිය සහ මාලදිවයිනේ India First ප්‍රතිපත්ති සමපාත වන බව ඉන්දීය රජයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් සිකුරාදා දිල්ලි හි එහි මහ කොමසාරිස් කාර්යාලය විසින් පවත්වන ලද මාලදිවයිනේ නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් පැවසීය.
මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් (බටහිර) සංජය වර්මා මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් හමුවී ත්‍රස්තවාදයට එරෙහි සටනේදී දෙරට අතර හවුල්කාරිත්වය වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කළේය.
මාලේ හි පැවති ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා විය.
නවදිල්ලිය නියෝජනය කරමින් සංජේ වර්මා සහ මාලදිවයිනේ විදේශ ලේකම් අහමඩ් ලතීෆ්, ත්‍රස්තවාදයට එරෙහි වීම, ප්‍රචණ්ඩ අන්තවාදය රැඩිකල්කරණය මැඩපැවැත්වීම පිළිබඳ දෙවන ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමේ සම මුලසුන දැරූහ.
ධාරිතා ගොඩනැගීම, තොරතුරු බෙදාගැනීම සහ ගෝලීය සංසදවල සහයෝගීතාවයේ ඉදිරි මාවත පිළිබඳ සාකච්ඡා කළ බව විදේශ ලේකම්වරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා මගින් අත්පත් කරගත් ශක්තිය, අභිලාෂය සහ පරිමාණය සංකේතවත් කරන සුහද සහ නිර්මාණාත්මක වාතාවරණයක් තුළ මෙම හමුව පැවැත්වුණි.
පසුගිය මස මුලදී, මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් නවදිල්ලියේ දෙදින සංචාරයක නිරත වූ අතර දෙරට අතර අවබෝධතා ගිවිසුම් 9කට ද අත්සන් තැබීය.
මාලදිවයින, ඉන්දියානු සාගර කලාපයේ (IOR) ඉන්දියාවේ ප්‍රධාන සමුද්‍ර අසල්වැසියා වන අතර අගමැති නරේන්ද්‍ර මෝදිගේ දැක්ම වන ‘සාගර්’ (කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය) සහ ‘අසල්වැසි පළමු ප්‍රතිපත්තිය’ හි විශේෂ ස්ථානයක් හිමි කර ගෙන සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles