Friday, April 26, 2024

MI-FCRDI ඉවරයි…!

අනුරාධපුර, මහඉලුප්පල්ලම පිහිටි රජයට අයත් ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය (FCRDI) ඇතුළු කෘෂි සංකීරණය අයත් මහජන දේපල රැසක් විනාශයට පත්ව ඇතැයි ජාතික ගොවි ජන එකමුතුව චෝදනා කරයි.

ක්ෂ්‍රේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය, ගොවිපල යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය (උප ඒකකය), බීජ සහ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන ගොවිපළ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු උප කාර්යාලය ඇතුළු කෘෂි සංකීරණය මහඉලුල්පල්ලම නගරයේ පිහිටා තිබේ.

මෙම ආයතනය කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන්නකි. ජාතික ගොවිජන එකමුතුවේ නිලධාරීන් පිරිසක් හා සත්ව නිෂ්පාදන එකමුතුවේ නිලධාරීන් පිරිසක්  එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

එහිදී ඔවුන් ගොවිපළ භූමි, සත්ත්ව පාලන අංශය ඇතුළු ස්ථාන රැසක් නිරීක්ෂණය කළ අතර, එහි සේවන් සමඟද ආයතනයේ තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කරනු ලැබීය.එ අනුව ඔවුන් ගොවිපළ භූමිය නිරීක්ෂණය කළහ, ගොවිපල භූමියේ වැටවල් වන අලින් කඩා ඇති අයුරු, ඵළ නොදරන පොල්, අඹ ගස් හා වගා නොකර කැලෑවට යට වූ වගා බිම්, වගා වන් සිදු නොකර විනාශ වෙමින් යන දැල් ගෘහ, වසර ගණනකින් ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ගරා වැටෙමින් පවතින සේවක නිල නිවාසයන් දැක ගත හැකි විය.

මහඉලුප්පලම යනු දේශීය ගොවි බිම් වලට නව සරු බීජ වර්ග රැසක් හඳුන්වා දුන් ප්‍රමුඛ ගොවි කටයුතු පර්යේෂණ ආයතනයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles