අවිශ්වාසය හේතුවෙන් ඇෆ්ගනිස්තාන පකිස්තාන දෙරටේම සංවර්ධනයට බාධා

0
544

පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය ජල කළමනාකරණ ගැටළු, ආහාර සහ විදුලි හිඟය වැනි සමාන ගැටළු වලට මුහුණ දී සිටින නමුත් එකිනෙකා කෙරෙහි ඇති අවිශ්වාසය, ඔවුන්ගේ සංවර්ධනයේ මාවතට බාධාවක් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පිරිසක් පෙන්වා දී තිබේ.

ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේ උග්‍ර හා බහු වාර්ෂික විදුලි හිඟය සමනය කරමින් කාබුල් ගඟ හරහා වේලි ඉදිකිරීම හරහා විශාල ජලවිදුලි ප්‍රමාණයක් ඇති කළ හැකි බව බොහෝ ශක්‍යතා අධ්‍යයන පවා පෙන්වා දී ඇති නමුත් තවමත් රටවල් දෙකම එසේ නොකරයි.

මෙම සංවර්ධන උපාය මාර්ග අනුගමනය නොකිරීමට ප්‍රධාන හේතුව ඔවුනොවුන් අතර පවතින අවිශ්වාසය බව, අයිතීන් සහ ආරක්ෂාව සඳහා වූ ජාත්‍යන්තර සංසදය සදහන් කරයි.

දෙරට අතර තවත් ගැටළුවක් වන්නේ ඩුරන්ඩ් රේඛාව නමින් ප්‍රක‍ට දෙරටේ දේශසීමාවට අදාළ නොවිසඳුණු තත්ත්වයයි.

තලිබාන් ප්‍රමුඛ වත්මන් ඇෆ්ගනිස්තාන රජය මෙන්ම පෙර පැවති ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය පවා මෙම දේශසීමාවේ වලංගුභාවය පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here