Saturday, July 27, 2024

පාකිස්තානයේ සිට ඩ්‍රෝන මගින් එවන කුඩු

දේශසීමා ආරක්ෂක (BSF) භටයින්, පන්ජාබ් ප්‍රාන්තයේ Tarn Taran දිස්ත්‍රික්කයේ කෙතකින් ප්‍රදේශයේ තිබී පකිස්ථාන ඩ්‍රෝන යානයක් විසින් හෙළන ලද හෙරොයින් බවට සැක කෙරෙන නිතිවිරෝධී පාර්සල් දෙකක් සොයා ගන්නා ලදී.

මෙම ප්‍රදේශය පිහිටා ඇත්තේ පකිස්ථාන දේශසීමාවේ ඛල්රා ගම්මානය අසල ය.

සොයා ගනු ලැබූ පාර්සල්වල තිබූ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 5.120 කි.

පසුගිය 28 වැනිදා ද Tarn Taran හි මෙහෙදිපුර් ගම්මානය වෙත පැමිණි සැක කටයුතු ඩ්‍රෝන යානයක් සිය භාරයට ගැනීමට දේශසීමා ආරක්ෂක හමුදා සමත් විය.

පසුගිය ජූනි 24 වන දින ද Tarn Taran හි ඉන්දීය ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වූ පාකිස්තාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළනු ලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles