Friday, March 29, 2024

නේපාලයේ දේශසීමාවට චීනයේ බැල්ම

චීනයේ ආක්‍රමණ හා මායිම් ක්‍රියාකාරකම් නේපාලයේ උතුරු දේශසීමාවට දැඩි තර්ජනයක් වී ඇති බවත් එහි උතුරු මායිමේ අනෙකුත් උල්ලංඝනයන් පිළිබඳ කත්මණ්ඩු දැඩි අවදානයෙන් සිටිය යුතු බව දකුණු ආසියානු ප්‍රජාතන්ත්‍රවාදී සංසදයේ වාර්තාවක් අවධාරණය කර තිබේ.

රටේ උතුරු මායිමේ චීන ක්‍රියාකාරකම් ඔස්සේ රටේ සංස්කෘතික හා ආගමික සම්ප්‍රදායන්ට සෘණාත්මක ප්‍රතිවිපාක ඇති කිරීමෙන් ඔබ්බට දේශීය ආර්ථිකයට ද දැඩි බලපෑමක් ඇති කර ඇතැයි එහි සඳහන් වේ.

දකුණු ආසියානු ප්‍රජාතන්ත්‍රවාදී සංසදයේ (SADF) පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය සීග්ෆ්‍රයිඩ් ඕ වුල්ෆ් පවසා ඇත්තේ චීනය සමඟ දේශසීමා සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් ආතතීන් බොහෝ දුරට නේපාල රජය විසින් අඩු වැදගත්කමකින් යුතුව සලකන බැවින් එහි උතුරු දේශසීමාව දැඩි තර්ජනයකට ලක්ව ඇති බවයි.

විශේෂයෙන් චීනය සම්බන්ධ විවේචන යටපත් කිරීම හරහා පාර්ලිමේන්තු ක්‍රියාදාමයන් දුර්වල කරන අතර හිමාල කඳුවැටියේ සිය ව්‍යාප්තිවාදී සැලසුම් දිගට ම ව්‍යාප්ත කිරීමට බීජිං හට අමතර හිඩැසක් ලබා දී ඇතැයි සංසදයේ වාර්තාව පෙන්වා දෙන්නේය.

මායිම් ප්‍රදේශයේ බීජිං හි ක්‍රියාකාරකම් හිමාලය කලාපයේ මිලිටරි ආධිපත්‍යය ලබා ගැනීමට සහ චීනයේ විශාල ව්‍යාප්තවාදී සැලසුම්වලට සහාය දැක්වීමේ උපාය මාර්ගික සැලසුමේම කොටසකි.

බීජිං අභියෝගයකින් තොරව පැවතියහොත්, නේපාලයට සහ අනෙකුත් රටවලට භෞමික සහ අනෙකුත් ද්විපාර්ශ්වික ආරවුල් වලදී මීටත් වඩා ආක්‍රමණශීලී චීනයක් සමඟ කටයුතු කිරීමට සිදුවනු ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී සංසදයේ වාර්තාව පවසයි.

එම වාර්තාව වැඩිදුරටත් පවසා ඇත්තේ චීන ව්‍යාප්තවාදයට අභියෝග කිරීම සඳහා පොදු ප්‍රවේශයක් සෙවීමේදී නේපාලය දකුණු ආසියාතික අසල්වැසියන් වන භූතානය සහ ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles