Saturday, July 27, 2024

චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයන් පිරිසක් නේපාලයට

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන්, නේපාල ජනාධිපති රාම්චන්ද්‍ර පවුඩෙල් හමුවූ බව කත්මන්ඩු පෝස්ට් වාර්තා කළේය.
නේපාලය සහ චීනය ඓතිහාසික වශයෙන් හොඳ අසල්වැසියන් වන අතර යුවාන්ගේ සංචාරය දෙරට අතර සබඳතාව ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇතැයි ජනාධිපති පෝඩෙල් පැවසූ බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
තෙදින සංචාරයක් සඳහා කත්මණ්ඩු නුවරට පැමිණි යුවාන්, සතියක ඉතාලි සංචාරයක යෙදී සිටින අගමැති පුෂ්ප කමල් දහාල් සමඟ අතථ්‍ය හමුවක් ද පැවැත්වීය.
නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව දේශපාලන මණ්ඩල සභිකවරයා සාමාජිකයින් 26 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමඟ කත්මණ්ඩු නුවරට පැමිණියේය.
2019 චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගේ සංචාරයේදී එකඟ වූ විවිධ ව්‍යාපෘති සහ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම තම නේපාල සංචාරයේ මූලික අරමුණ බව යුවාන් ප්‍රකාශ කළේය.
නේපාල හමුදාව සහ චීනයේ මහජන විමුක්ති හමුදාව අතර යහපත් සබඳතාවක් පවතින බව සඳහන් කළ චීන නියෝජිතයා ඉදිරියේදී පුහුණුවීම් සහ ධාරිතා ගොඩනැගීමේ ක්‍ෂේත්‍රයේ වැඩි සහයෝගීතාවයක් ඇති කරන බව පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles