නව අගමැති සඳුදා දිවුරුම් දෙයි..

0
887

අගමැති තනතුර සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරයා වෙත නාමයෝජනා තුනක් ඉදිරිපත් කර තිබෙනවා ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර ගැනීමට ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා සහ ඩලස් අලහප්පෙරුම ගේ නම් යෝජනා කර තිබෙනවා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය වරයකු වන රනිල් වික්‍රමසිංහ අතර අද සවස කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනා.

පැයකට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා ලෙස ඉල්ලා සිටි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇත්තේ ලබන සදුදා සිට එම ධුරය භාර ගැනීමට සූදානම් වන ලෙසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here