මෝදි ගැන පලවූ බීබීසී චිත්‍රපටයට ඇමෙරිකාවෙනුත් ප්‍රතිචාර

0
324

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිබඳව බීබීසී පුවත් සේවය මෑතකදී ප්‍රචාරය කළ මතභේදාත්මක් චිත්‍රපටයේ වැදගත්කමක් තම රටට නොපෙනෙන බව එක්සත් ජනපදයට ප්‍රකාශ කරයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදීද බරපතල ලෙස විවේචනයට ලක්වූ, මෙම වාර්තා චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් සඳහන් කර ඇත්තේ, ඇමෙරිකාවට වැදගත් වන්නේ සමෘද්ධිමත් හා විචිත්‍රවත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් දෙකක් ලෙස ඉන්දියාවට සහ ඇමෙරිකාවට පොදු කාරනා පමණක් බවයි.

2002 වර්ෂයේදී පැනනැගුණු කැරලි අතරතුර, ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස වත්මන් අගමැති මෝදිගේ ධුර කාලය විවේචනය කරමින් මෙම වාර්තා චිත්‍රපටය බීබීසී පුවත් සේවය විසින් සකස්කර තිබේ.

පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රයිස් පැවසුවේ, දේශපාලන, ආර්ථික සහ සුවිශේෂී සබඳතා ඇතුළුව, ඉන්දියාව සමඟ එක්සත් ජනපදයේ ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කරන බොහෝ අංග පවතින බවයි.

තවද, එක්සත් ජනපදය ඉන්දියාව සමඟ හුවමාරු කර  ගන්නා හවුල්කාරිත්වය සුවිශේෂී බවත්, ජාතීන් දෙකම දෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයට පොදු වටිනාකම් දෙන බවත් ප්‍රයිස් අවධාරණය කළේය.

මෙම චිත්‍රපටය ඔස්සේ බීබීසී පුවත් සේවය විසින් ඉන්දීය අගමැතිවරයා විවේචනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළදී එම සේවයට බරපතල විවේචන ඉදිරිපත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here