ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර ආරක්ෂක ගිවිසුමක්

0
556

ඉන්දියාව සහ ඉන්දුනීසියාව ආරක්ෂක සහයෝගීතාවය සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.

එමගින් , කලාපීය සහ ජාතික ආරක්ෂක ගැටලුවලදී සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සකසා ඇතැයි විදෙස් වාර්තා සදහන් කරයි.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෙවාල් සහ ඉන්දුනීසියාවේ දේශපාලන, නීති සහ ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණ අමාත්‍ය මොහොමඩ් මහෆුඩ්ගේ මූලිකත්වයෙන් ජකර්තා හි පැවති ඉන්දීය-ඉන්දුනීසියානු දෙවන ආරක්ෂක සංවාදයට සමගාමීව මෙම ගිවිසුම් අත්සන් තබා ඇත.

ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම, ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩ අන්තවාදය මැඩපැවැත්වීම මෙන්ම සමුද්‍රීය, ආරක්ෂක සහ සයිබර් ආරක්ෂණ සහයෝගීතාව වැඩි දියුණු කිරීම වැනි ක්ෂේත්‍ර රැසක් මෙම ගිවිසුම මගින් ආවරණය කර ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here