Saturday, July 27, 2024

හොකී ගෝලීය කේන්ද්‍රස්ථානය වූ ඔඩීෂා

ඔඩීෂා ප්‍රාන්තය 2018 සහ 2023 දී FIH හොකී ලෝක කුසලානයේ අඛණ්ඩ සාර්ථකව සංවිධානය කරමින් හොකී ක්‍රීඩාවේ ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත වු බව ප්‍රාන්ත රජය සිව් අවුරුදු ප්‍රගති සමාලෝචන වාර්තාව ඉදිරිපත් කරමින් පැවසීය
ඔඩීෂා ලෝක කුසලානය, ප්‍රෝ ලීගය, FIH ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරඟ සහ FIH තරඟාවලියේ අවසන් තරඟ, වැනි ලොව ප්‍රමුඛ පෙළේ තරගාවලි සඳහා සත්කාරකත්වය සැපයීය.
ප්‍රාන්තය හොකී සඳහා ගෝලීය ගමනාන්තයක් ලෙස එහි ස්ථාවරය තහවුරු කර ගෙන සිටී
කාලිංග හොකී ක්‍රීඩාංගනය සහ බිර්සා මුන්ඩා හොකී ක්‍රීඩාංගනය ලොව ඉහළම හොකී ක්‍රීඩාංගණ අතරට එක් වූ බවද එහි සඳහන්.
අනෙකුත් ක්‍රීඩා වල කැපී පෙනෙන ජාත්‍යන්තර ඉසව් පැවැත්වීමේ දී ඔඩීෂා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
“පාපන්දු ක්‍රීඩාවේදී, ප්‍රාන්තය විසින් FIFA U17 කාන්තා ලෝක කුසලානය සහ SAFF U20 ශූරතාවලිය සාර්ථකව සංවිධානය කරන ලද අතර, ඔඩීෂා විවෘත, පොදුරාජ්‍ය මණ්ඩලීය මේසපන්දු ශූරතාවලිය සහ ජාතික ක්‍රීඩා ඉසව් රාශියක් පැවැත්වීම හරහා ඔඩීෂා, ඉන්දියාවේ ක්‍රීඩා මධ්‍යස්ථානයක් ලෙස නැවත අර්ථ දක්වා ඇති බව එහි සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles