Home Blog Page 1729

Prince William And Kate Middleto..

0

Maecenas aliquet, elit vitae egestas lacinia, nibh purus accumsan metus, ut mollis est eros tempus sem. Vivamus nulla lacus, venenatis non convallis quis, sollicitudin id mi. Nullam eu ante non eros convallis sagittis a ac urna. Phasellus lobortis lorem turpis, et consequat ipsum. Praesent nec accumsan metus. Integer sagittis, erat nec ultrices vehicula, tellus augue ultricies odio.

Neque porro quisquam est, qui dolorem ipsum quia dolor sit amet, consectetur, adipisci velit, sed quia non numquam eius modi tempora incidunt ut labore et dolore magnam aliquam quaerat voluptatem. Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit laboriosam, nisi ut aliquid ex ea commodi consequatur.

At vero eos et accusamus et iusto odio dignissimos ducimus qui blanditiis praesentium voluptatum deleniti atque corrupti quos dolores et quas molestias excepturi sint occaecati cupiditate non provident, similique sunt in culpa qui officia deserunt mollitia animi, id est laborum et dolorum fuga.

කරන කරන පරීක්‍ෂණය පොසිටිවි වෙනවා. – PHI

0

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරමින් ඇති රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් හමුවුණ ආසාදිතයන් ගණන ඉතා ඉහළ ගොස් අතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ උප සභාපති යූ.ටී. කුලතිලක මහතා පෙන්වා දෙන්නේ සිදුකරන සියලු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ආසාදිත වීමේ තත්වයක් පෙන්වමින් ඇති බවයි.

අද වන විට කොරෝනා ආසාදිතයන් එකසිය පනහකට වඩා වැඩි පිරිසක් අධීක්ෂණය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයකුට සිදුවී ඇති බවද පැවසූ ඔහු එම රාජකාරියට අමතරව තවත් රාජකාරි කටයුතු පැවරෙන නිසා ඒ සියල්ල කරගත නොහැකි තරමේ පීඩනයකින් නිලධාරින් සිටින බවත් පැවසීය.

එනිසා මේ සම්බන්ධයෙන් උපකාරක සේවාවක් අවශ්‍යතාවය ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

කොරෝනා ආසාදිතයන්ගෙන් බරපතළ රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් රෝහල්ගත කිරීමට සහ මළ සිරු පිළිස්සීම අධීක්ෂණය කිරීම මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රමුඛම රාජකාරිය වී ඇති බවද ඔහු කියා සිටියේය.

කර්මාන්ත ක්ෂේත්‍රයට බලපා ඇති ගැටළු රැසක් පිළිබඳව සාකච්ඡාවට විමල් කබිරාල් හමුවෙයි

0

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රයට බලපා ඇති ගැටළු රැසක් පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය.

මෙම සාකච්ඡාව ඊයේ (27) මහ බැංකු පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී මේ වන විට පනවා ඇති ආනයන සීමා හේතුවෙන් කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවට බඳුන් විය. මීට ඉහත දී කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි 2001.06.11 දින සිට ආනයන සීමා ඉවත් කළ කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේදී අදාළ කර්මාන්තකරුවනට බැංකු මගින් ණයවර ලිපි විවෘත කරවා ගැනීමට මතුව ඇති ගැටළු පිළිබඳව මෙහිදී අදහස් පළ විය. ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීමට මහ බැංකුව පියවර ගන්නා බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

මීට අමතරව ලෝහ ආශ්‍රිත කර්මාන්ත ඇතුළු තවත් කර්මාන්ත කිහිපයකට, තවදුරටත් පවතින ආනයන සීමා හේතුවෙන් අදාළ අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකිව ඇති බැවින් ඒවා සඳහා ආනයන සීමා ඉවත් කිරීමට මෙහිදී කර්මාන්ත අමාත්‍යාංශය කළ ඉල්ලීමට අදාළ සමාලෝචනයක් සිදු කර අනුමැතිය ලබාදීමට මෙහිදී එකඟතාව පළ විය.

තවද වාහන එකලස් කිරීමේ කර්මාන්ත සඳහා අවශ්‍ය වාහන මූලික ආකෘති (prototypes) ගෙන්වා ගැනීමට මෙරට වාහන ආනයනය සීමා කිරීම හේතුවෙන් බධා මතුව ඇති බව මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වා දුන් අතර එම මතුව ඇති බාධාව ඉවත් කිරීමට මහ බැංකුව කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට නියමිතය.

මෙම සාකච්ඡාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් දයා රත්නායක, අමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අනුෂ්ක ගුණසිංහ, අතිරේක ලේකම්වරු වන එස්. එල්. නසීර්, රංජිත් විමලසූරිය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරු ඇතුළු මහ බැංකු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

දිවිනැගුම නඩුවේ තොරතුරු ඉල්ලා නීතිපතිට ලිපියක්

0

නීතිපතිවරයාගේ උදෙස් මත ඉල්ලා අස් කරගත් දිවි නැගුම නඩුව පිළිබඳ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ තොරතුරු ඉල්ලා තිබෙනවා.

නීතිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එහි දක්වා ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීම ඉදිරිපත් කරන බවයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් ඔවුන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය පසුගිය 15 වනදා නියම කළා.

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඉල්ලා අස්කරගත් නඩුවේ අංකය සහ එම ඉල්ලා අස්කරගැනීමට බලපෑ පූර්ව නඩුවේ අංකය ලබාදෙන ලෙසයි.

ජනපති විසින් නව යුධ හමුදා ප්‍රධානියා පත් කරයි

0

මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් විකුම් ලියනගේ පත්කර තිබෙනවා.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුකරනු ලැබුවා.

ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් විකුම් ලියනගේ එම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ධුරය දරණු ලැබුවා.

58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි ඉටුකළ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යුධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් විකුම් ලියනගේ එම ධුරයට පත්කරනු ලැබුවේය.

රෝගියා සමග කතා කර කර ඉඩදීම වකුගඩුවේ ගල ඉවත් කරලා

0

පූර්ණ නිර්වින්දනයකින් තොරව ස්ථානීය නිර්වින්දනයකට පමණක් ලක් කර රෝගියා සමග කතා බහ කරමින්ම වකුගඩුවල තිබූ 5 cm ක ගලක් සහ තවත් ගල් රාශියක් නවතම තාක්ෂණයකට අනුව ඉවත් කිරීමට කළුතර දිස්ත්‍රික් රෝහල අද සමත්ව ඇත.

මෙරට පුද්ගලික හෝ රජයේ රෝහලක මෙම  සැත්කම කල පලමු අවස්තාව මේය වේ.

එම සැත්කම සදහා ලොව නවීනතම තාක්ෂණයෙන් යුත් යන්ත්‍රයක් භාවිත කර ඇති අතර  අධිබල ලේසර් තාක්ෂණයෙන් පැය භාගයක් තුල සැත්කම කිරීමට වෛද්‍යවරු සමත්ව ඇත. 

මෙරට ඕනෑම අයෙකුට මෙම සේවාව මේ රෝහලින් ලබා ගත හැක.