Tuesday, November 28, 2023
Home Blog

අගමැති අස්වෙන්න සුදානම්..

0

පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය විපක්ෂය විසින් පෙන්වනු ලබන ඕනෑම අවස්ථාවක තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

වසර 50 කට වැඩි කාලයක් තමන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කළ දේශපාලනඥයෙක් බව ද ඔහු පැවසීය.

තමන්ගේ අරමුණ ඉදිරියටත් එලෙසම ක්‍රියා කිරීම බවත් ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් තමන්ට එකසේ හුරුපුරුදු තැනක් යයිද ඔහු වැඩි දුරටත් කියා සිටියා.

මෙහිදී දැනට යෝජනා වී තිබෙන අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන මහතුන්ගේ නම් එසේ යෝජනා වී ඇත.

ඊට අමතරව වාසුදේව නානායක්කාර, රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ද නම් ඇතැම් පිරිස් විසින් යෝජනා කර තිබිණි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වීමට කටයුතු නොකරන්නේ නම් විශ්වාස භංග යෝජනාවක් හෙට දිනයේ සිට අත්සන් කිරීමට තීරණය වී ඇතැයි වාර්තා වනවා.

මෙම යෝජනාව සඳහා ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වූ කණ්ඩායමද සහාය දෙනු ඇති බවද සඳහන්.

අවශ්‍ය කරන අත්සන් සම්පූර්ණ කරගැනීමෙන් පසු ඊළඟ පාර්ලිමේන්තු දිනයක දී කතානායකවරයාට එය භාරදීමට නියමිතව තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද හෝ හෙට දවස ඇතුලත සිය ධුරයෙන් ඉල්ලා අස් වීමේ වැඩි ඉඩකඩක් ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරනවා.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වීමට පෙර ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බව තමනට තොරතුරු ලැබී ඇති බවත් හෙතෙම පැවසීය.

දැනට ඇති තත්ත්වය මත පාර්ලිමේන්තුවේ විශ්වාසභංගය ජයගත හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද හෙතෙම සදහන් අවධාරණය කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

අවුරුදුදා 800ක් කූඩුවේ…..

0

ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් බීමත්ව රථ ධාවනය කළ රියැදුරන් 800 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙලෙස අත්අඩංගුවට ගන්නා රියදුරන් පොලිස් ඇප මත මුදා නොහරින බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවද හෙතෙම කියා සිටියේය.

බීමත්ව රියපදවන රියැදුරන් සොයා ඉදිරියටත් මෙහෙයුම් සිදු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි. රටපුරා එවැනි හදිසි පරීක්ෂා කිරීම් සහ වැටලීම් සිදුවන බව අප වාර්තාකරුවන් කරන ලද සංචාර වලදී පැහැදිලි විය.

එ.ජා.ප.යේ පුටු මාරුවක්

0

එක්සත් ජාතික පක්ෂයේ මෙතෙක් රවි කරුණානායක මහතා දැරූ උප නායකත්වය සඳහා හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීම සඳහා රැස් වූ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි විය.  2021 වසර සඳහා පක්ෂයේ තනතුරු සඳහා පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ සියලුම නාමයෝජනාවන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය.

නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ජාතික සංවිධායක නවීන් දිසානායක සහ භාණ්ඩාගාරික මිස්බා සතාර් මහත්වරුන්ගේ තනතුරුවල වෙනසක් සිදු නොවිය.

නව මහ ලේකම් ලෙස පාලිත රංගේ බණ්ඩාර සහ සභාපතිවරයා ලෙස වජිර අබේවර්ධන මහත්වරුන් පත් කර ගැණිනි.

උප සභාපති තනතුර සඳහා සිව් දෙනෙක් පත් වීමද විශේෂත්වයකි. සාගල රත්නායක, ඩී.එම්. ස්වාමිනාදන්, දයා ගමගේ මහත්වරුන් සහ සුනේත්‍රා රණසිංහ මහත්මිය නව උප සභාපතිවරු වෙති.

නියෝජ්‍ය මහ ලේකම් ලෙස නාලක කොලොන්නේ, ජාත්‍යන්තර එ.ජා.ප. සංවිධාන කටයුතු ලේකම් සහ පළාත් පාලන කමිටු සභාපති ලෙස සන්දිත් සමරසිංහ මුදල් කමිටු සභාපති ලෙස ආනන්ද කුලරත්න මහත්වරුන්ද පත් විය. පරිපාලන ලේකම් ලෙස අනෝමා ගමගේ මහත්මියද පර්යේෂණ සහ ප්‍රතිපත්ති සැලසුම් සංවර්ධන අංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාද පත් විය. මෙතෙක් පක්ෂයේ උප නායක ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතා තමන්ට මහලේකම් ධුරය නොලැබෙන්නේ නම් වෙනත් තනතුරු අනවශ්‍ය බව කියමින් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමට සහභාගි වී නොමැත . පක්ෂයේ අසීරු තත්ත්වයකට ලක් වු මොහොතේ උප නායක ලෙස රවි කරුණානායක මහතා පක්ෂයට කළ සේවය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඇගයීමට ලක් විය.

පක්ෂයේ තනතුරක් සඳහා අර්ජුන රණතුංග මහතාගේ නමද යෝජනා වී තිබුණු අතර එය භාර ගන්නේද යන්න පසුව දැනුම් දෙන බව ඒ මහතා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වීමට පෙර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී පිටත්ව ගොස් ඇති බව දැන ගන්නට තිබේ. නවීන් දිසානායක මහතාද රැස්වීමට පැමිණ සිටියේ නැත. නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක ධුරය භාර ගන්නේදැයි විමසීමට තීරණ විය.

දැනට පුරප්පාඩුව පවතින එක්සත් ජාතික පක්ෂයට හිමි පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිරවීම පසුවට කිරීමටද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කෙරිණි.

හරී… පවිත්‍රයි….!

0

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. 

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.

රොෂාන් රණසිංහ මහතා අමාත්‍ය ධුර වලින් ඉවත් කිරීමෙන් පසු අදාල  අමාත්‍යංශ පුරප්පාඩු විය.

ක්‍රීඩා ,යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි  අද (27) එම තනතුරුවලින් ඉවත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථා  යටතේ තමා වෙත පැවරුණු  බලතල ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් ද වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් ද ඉවත් කරන ලබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොෂාන් රණසිංහ මහතාට යැවූ තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳ ලිපියේ සඳහන් වේ.

භික්ෂූන් වහන්සේ සමඟ ක්‍රිකට් හදන හැටි අර්ජුන කියයි…

0

රට වෙනුවෙන් ක්‍රිකට් – නිර්පාක්ෂික බහුවිද ප්‍රවේශයක් යන තේමාව යටතේ ඊයේ (23) කොළඹ මහජන පුස්තකාලයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වුණි.

ඒ, දේශපාලකයින්, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි. 

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වුණේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාය.

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා,

“ක්‍රිකට් හදනවාට ඔය එක්කෙනෙක්වත් කැමති නැහැ. මේක මුල ඉඳලම හදන්න ඕන දෙයක්. පැලැස්තර ගහන්න බැහැ. මානසික මට්ටම හදන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා. මේ අයට තේරෙන්නේ නැහැ. දැනට අපි මේ විදියට කරගෙන යමු. අවශ්‍ය වෙලාවට මිනිස්සු ගේන්න ඕනේ නම්..මමත් එළියට බැහැලා කියන්නම්. අපි කිව්වොත් ගෝල්ෆේස් දෙකක් පුරවන්න පුළුවන්. නමුත් ඒ තත්ත්වයට අපි යන්න ඕනේ නැහැ.”

චීනයෙන් භයානක රෝගයක්….

0
FILE PHOTO: A child is carried on a scooter, following the coronavirus disease (COVID-19) outbreak, in Shanghai China July 20, 2022. REUTERS/Aly Song

චීනයේ පැතිර යන අභිරහස් බෝවන රෝගයක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ චීනයේ අධ්‍යාපන ආයතන ආශ්‍රිතව එම රෝගී තත්ත්වය පැතිර යමින් ඇති බවයි.

උතුරුදිග චීනයේ ප්‍රදේශ කිහිපයකදී මෙම උණ රෝගී තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එම බෝවන රෝගයේ නිව්මෝනියාවට සමාන ශ්වසන රෝගයක්  බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

මේ වන විටත් පාසැල් ළමුන් රැසකට වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

පවතින තත්ත්වය හමුවේ උතුරුදිග චීනයේ පාසැල් රැසක් වසා දමා ඇති බවත්, ළමුන්ට අමතරව ගුරුවරුන් ද මෙම නිව්මෝනියා තත්ත්වයට ගොදුරුවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම බීජිං නුවර රෝහල් ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයකම රෝහල් රැසක එම වෛරසය ආසාදනයවූ රෝගීන් ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරුණු කොරෝනා වෛරසය මුලින්ම හඳුනා ගැනුනේ ද චීනයෙන් බැවින් චීනය තුළ පැතිරෙන මෙම නිව්මෝනියා තත්ත්වය පිළිබඳව ද ජාත්‍යන්තර මාධ්‍ය තුළ වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය ද චීනයෙන් එම රෝග තත්ත්වය පිළිබඳව සත්‍ය තොරතුරු ඉල්ලා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම රට තුළ එම ශ්වසන රෝගය පැතිර යාම පාලනයට කඩිනම් පියවර ගන්නා ලෙස ද ලෝක සෞඛ්‍ය සංවිධානය චීන බලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි සඳහන්.  

චීන – උරුගුවේ ජනපතිවරුන් අතර සාකච්ඡා

0

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින උරුගුවේ ජනාධිපති Luis Lacalle Pou මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. එම සාකච්ඡාව අද (22) පස්වරුවේ බෙයිජිං හි  මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.  

චීනය හා උරුගුවේ රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ආරම්භ කර ගතවූ වසර 35 තුළ දෙරට සෑමවිටම අන්‍යෝන්‍ය ගරුත්වය හා සාමකාමී යහපැවැත්මෙන් කටයුතු කළ අතර පොදු ජයග්‍රහණ සහිත සහයෝගිතා පවත්වා ඇතැයි ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම විවිධ ක්ෂේත්‍ර පිළිබඳ අදහස් හුවමාරු හා සහයෝගිතා පුළුල් ලෙස වර්ධනය වෙමින් පවතී. විශේෂයෙන් කොවිඩ් වසංගතයට ඒකාබද්ධව මුහුණ දීමේදී එකිනෙකාට සහාය වීම තුළින් දෙරට උපායමාර්ගික සම්බන්ධතාවය තවදුරටත් තහවුරු කර ඇතැයි ද චීන ජනාධිපතිවරයා පැවසීය.   දෙරට මිත්‍රත්වය ඉදිරියට මෙහෙයවමින් සෙසු රටවලට ආදර්ශයක් ලෙස චීන- උරුගුවේ සම්බන්ධතාවය ගොඩනැගීමට ඒකාබද්ධව ප්‍රයත්න දැරීමට සූදානම් බව ද ෂී ජින්පිං මහතා කියාසිටියේය.

  • අරෝෂා සමරදිවාකර චීනයේ සිට

චීනය හා සෞදි අරාබිය අතර ද්වීපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමක්

0

චීනය හා සෞදි අරාබිය ද්වීපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹෙයි. දෙරටේ මහ බැංකු දෙක අදාළ ගිවිසුමට එළඹ තිබේ.එහි වටිනාකම යුවාන් බිලියන 50කි. ගිවිසුම වසර 3කට වලංගු වන අතර දෙපාර්ශ්වයේ එකඟතාව මත එය දීර්ඝ කිරීමේ අවස්ථාව පවතී. චීනය හා සෞදි අරාබිය අතර මූල්‍ය සහයෝගතාවන් ශක්තිමත් කිරීමට එය උපකාරී වනු ඇති අතර දෙරටේ මුදල් වර්ගයන් භාවිතය වර්ධනයට ද එය රුකුලකි .ද්වීපාර්ශ්වික වෙළද හා ආයෝජන පහසුකම් ප්‍රවර්ධනයට ද ඉන් අවස්ථාව සැලසේ.

ඊශ්‍රායල්-පලස්තීන ගැටුමට සටන් විරාමයක්!

0

ඊශ්‍රායල-පලස්තීන ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ මිලියන 1.7ක ජනතාවක් අවතැන්වෙති

පලස්තීන-ඊශ්‍රායල් ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ අවම වශයෙන් මිලියන 1.7 ක ජනතාවක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසයි. ඉන් ලක්ෂ 9ක් පමණ පිරිසක්, එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත සහන සහ කාර්ය ඒජන්සිය විසින්, ගාසා තීරයේ හි පිහිටුවන ලද කඳවුරු 154 ක ජීවත් වෙති.


මේ අතර ඊජිප්තු මාධ්‍ය පෙරේදා (20) වාර්තා කළේ, ඊජිප්තුවට ගාසා තීරයේ සිට රෆා හරස් මාර්ගය හරහා නොමේරූ ළදරුවන් 28 ක් ලැබුණ බවයි. ගාසා තීරයෙන් තුවාල ලැබූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා, ඊජිප්තු වෛද්‍යවරු 38,000ක් සහ 25,000ක හෙද කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවා තිබේ.


ගාසා තීරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙරේදා (20) නිවේදනයක් පළ කරමින් පැවසුවේ, ඊශ්‍රායල හමුදාව එදින උතුරු ගාසා තීරයේ ඉන්දුනීසියානු රෝහලකට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන්, අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් රැසකටට තුවාල සිදු ව ඇති බවයි. රෝහල තුළ අවතැන්වූ දහස් ගණනක් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ තුවාලකරුවෝ 700 ක් පමණ සිටිති. මේ අතර ඊශ්‍රායල හමුදාව මධ්‍යම ගාසා තීරයේ බ්‍රෙයිජ් සරණාගත කඳවුරේ එක්සත් ජාතීන්ගේ පාසලකට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, ඉන් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබේ

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර එකඟ වී ඇති දින 4ක් සඳහා සටන් නැවැත්වීම බ්‍රහස්පතින්දා උදෑසන 10 සිට ක්‍රියාත්මක වන බව හමාස් සංවිධානය පවසා තිබේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව BBC පුවත් සේවය වාර්තා කළේය.

වික්ටෝරියා ඉබේ ඇරෙයි!

0

උපරිම ජල ධාරිතාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් වි ඊයේ (22) අලුයම විවෘත විය.

කදුකරයට නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව ඉක්ම යාමත් සමග ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංකීුයව විවෘත වූ බව වික්ටෝරියා වෙිල්ලේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පවසයි.

කියුබික් ඝන මීටර් මිලියන 722ක ධාරිතාවයෙන් යුතු එම ජලාශයේ විවෘත වූ වාන් දොරටු මගින් තත්ත්පයට ජලය ඝන මීටර් 159ක් මුදා හැරෙන බව කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.

මෙම වර්ෂයේදී වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු විවෘත වූ පළමු අවස්ථාව මෙය වන අතර 20 දා රාත්‍රී 08.10ට දොරටු දෙක පළමු වරට විවෘත විය. එම ජලාශයේ මඩ සොරොව්ව විවෘත කිරීම ද ඊයේ දහවල් සිදුවූ අතර මිනිත්තු විස්සක කාලයක් සොරොව්ව විවෘත කොට දොරටුව අසල තැම්පත්වී තිබුණු මඩ මුදා හැරීමට ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබුණි.

වික්ටෝරියා ජලාශය වාන් දැමීමත් සමඟ සැලකිය යුතු ජල ධාරිතාවයක් පහළ මහවැලි ගංගාව හරහා රන්දෙණිගල ජලාශයට මුදාහරින බැවින් ගංගාව පරිහරණය කරන පිරිස් දැඩි විමසිලිමත් විය යුතු යැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරයි.

උසස් පෙළ විභාගය ජනවාරියේ!

0
A/L Students

සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය ලබන ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද විභාගයට ගැනුණු බවයි.

එහිදී එක් නඩුවක් නිෂ්ප්‍රභ වු බවත් අනෙක් නඩුව පෙත්සම්කාර පාර්ශවය විසින් ඉල්ලා අස්කර ගත් බවත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

ඒ අනුව උසස් පෙළ විභාගය පැවැත්වීම කල් නොදමන බවද එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා. 

අධිවේගී මාර්ග පිවිසුම් යළි විවෘත වේ. යන්ත්‍ර ගලවාගෙන ගිය සේවකයෝ වැඩට එති.

0

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් ආරම්භ කළ වර්ජනය අවසන් වී තිබේ. මේ හේතුව නිසා ඊයේ මගීන් හට හමුදාව විසින් ගමන්නාන්ත සඳහන් තුණ්ඩු කැබලි ලබා දුන් අතර ඊට හේතුව වූයේ රජයට අයත් බිල්පත් නිකුක් කරන යන්ත්‍ර සේවකයින් විසින් ගලවාගෙන යාමයි. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සඳහන් කළේ එම යන්ත්‍රවලට හානියක් සිදුකර ඇත්නම් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් ඊයේ (22) උදෑසන ආරම්භ කළ වර්ජනයක් නිසා අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම් මෙන්ම මුදල් අයකිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදවා තිබිණි.

මහාමාර්ග අමාත්‍යාංශයට අයත් මාර්ග සංවර්ධන අධිකාරියේ  11,000ක් පමණ වූ සේවකයින් පිරිසක් මෙම වැඩවර්ජනය සඳහා අසනීප නිවාඩු වාර්තා කර තිබිණි. 

ඊට හේතුව වන්නේ, මාර්ග සංවර්ධන අධිකාරියේ දැනට ආදායම් ලබන එකම ව්‍යාපෘතිය වන අධිවේගි මාර්ග පද්ධතිය මුදල් අමාත්‍යාංශයට අනුබද්ධිත සමාගමකට පැවරීමට සහ හඳුන්වාදීමට නියමිත බඳවාගැනීමේ පටිපාටියට විරෝධය පළ කිරීම මෙන්ම 2023 වසරේ ලබා නොගත් නිවාඩු වෙනුවෙන් හිමිවන දීමනා ලබාදෙන ලෙස කළ ඉල්ලීමයි.

සිය ගැටලු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීම මත ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා ඇති විධායක ඉංජිනේරු, පළාත් භාර අධ්‍යක්ෂ, ව්‍යාපෘති කාර්යාල සහ අධිවේගී මාර්ගවල සේවකයින් අද මෙලෙස වර්ජනයකට අවතීර්ණ වී ඇති බව වර්ජනයේ නිරත ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව පැවසීය.

දක්ෂිණ අධිවේගි මාර්ගයට යුද හමුදාවත් කටුනායකට ගුවන් හමුදාවත් මධ්‍යම අධිවේගි මාර්ගයට නාවික හමුදාවත් ලෙස සේවයට යෙදවීමට රජය පියරව‌ෙ ගෙන තිබුණි.

වැහි තද වෙයි… කඳුකර මාර්ග අවදානම් කලාප බවට පත්වේ…

0

තද වර්ෂාව සමඟ  කඳුකර මාර්ග බොහොමයක ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්.එල්. උදය කුමාර මහතා පැවසීය.

පස්සර ඇල්ල මාර්ගය ස්ථාන කිහිපයකින් ම දැවන්ත ගල් පර්වත පෙරළීමෙන් මුළුමනින්ම අවහිර වී තිබේ. පස්සර බිබිලේගම මාර්ගය ඉඩමේ ගෙදර කොටසේදී පාරේ කොටසක් නාය ගොස් තිබේ. නමුනුකුල පස්සර මාර්ගය කණවරැල්ල අසලදී අවහිර වී තිබේ.

මහියංගන කදුරුවෙල මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටී අහිරවී ඇත. ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා භික්ෂු ආරාමය අසලින් සහ 18 වෙනි කිලෝමීටර් කණුව අසලින් ගස් කඩා වැටී  අවහිරතාව ඉවත් කරමින් පවතින බවද පැවසේ.

වැලිමඩ බදුල්ල මාර්ගය සවස 6 සිට උදේ 6 දක්වා රාත්‍රි කාලයේ වසා දමා තිබේ. පුහුල්පොල නාය ගොස් ඇති වී තිබෙන තත්වය මෙම තීරණය ගැනීමට හේතුවී තිබේ. මේ අතර ලුණුගල බිබිල මාර්ගය ද වදුරටත් තුන්වන දිනයටත් වසා තිබෙන බවද ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

පසුගිය දින කිහිපය මුළුල්ලේ ලැබුණු වර්ෂාපතනය හා තවදුරටත් ලැබෙමින් පවතින වර්ෂාපතනය සමග බදුලු ඔය පිටාර යාමේ අවදානමක් පවතින බැවින් එය දෙපස පදිංචි පිරිස් ඉතා අවධානයෙන් පසුවිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමක් අද (22) දිනයේදී අපේක්ෂා කෙරේ.

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, උතුරු මැද  සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකිය.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.