චීන බලශක්ති නිෂ්පාදකයන්ට පකිස්තානයෙන් බිලියන 100 පොල්ලක්

0
358

චක්‍රීය ගිණුම් ගිවිසුමට අනුව මාස 5-6ක් සඳහා චීන ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින්ට (IPPs) ගෙවීම් ආවරණය කිරීම සඳහා පාකිස්තානයේ බලශක්ති ක්ෂේත්‍රයේ වෙළඳපල ක්‍රියාකරුවන් රුපියල් බිලියන 100ක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ප්‍රමාද වූ ගෙවීම් සම්බන්ධයෙන් චීන බලශක්ති නිෂ්පාදකයින් පසුගිය වසර පුරා කලකිරීමට පත්ව සිටින බව ද අදාළ වාර්තාවල දැක්වේ.

දැනටමත් පාකිස්ථානයේ නව ආයෝජන නවතා ඇති අවස්ථාවේ මෙම ගැටළුව විසඳීම සඳහා සහාය වන,ලෙස ඔවුන් පාකිස්තාන රජයෙන් ඉල්ලා ඇති බව සදහන් වේ.

මේ සම්බන්ධයෙන් පාකිස්ථානයේ චීන තානාපතිවරයා සහ චීන සමාගම් ගෙවීම් ගැටලුව විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, විදුලිබල අමාත්‍යවරයා ඇතුළු අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා ඇති නමුත් ගෙවීම් ප්‍රශ්නය තවමත් විසදා නැති බව පැවසේ.

චක්‍රීය ගිණුම සඳහා මාසික ඇස්තමේන්තුගත අරමුදල රුපියල් බිලියන 19.348 ක් පමණ වන අතර, ආරංචි මාර්ග පැවසුවේ, විදුලිබල අංශය විසින් මුලින් යෝජනා කරන ලද චක්‍රීය ගිණුම සඳහා රුපියල් බිලියන 50 ක් ප්‍රමාණවත් බව පැවසුවද එය ප්‍රමාණවත් නොවන අතර එය රුපියල් බිලියන 100 දක්වා වැඩි කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here