Friday, April 26, 2024

චීන යාත්‍රා පිලිපීනයේ සමුද්‍රීය සහ ගුවන් සීමා ආක්‍රමණය කිරීම වැලැක්වීමට නව නීති

පිලිපීනයේ නීති සම්පාදකයෙකු විසින් චීන යාත්‍රා විසින් සමුද්‍රීය සහ ගුවන් අවකාශය ආක්‍රමණය කිරීම වැළැක්වීම සඳහා නීති සම්පාදනය කිරීමය ‍පියවර ගෙන තිබේ.

ඒ අනුව නම් කරන ලද මුහුදු මංතීරු සහ ගුවන් සීමාවන්ට අවභාවිතා කරන කපිතාන්වරුන්ට හෝ යාත්‍රා හිමිකරුවන් සිරගත කිරීමේ කාලයක් නියම කර ඇති බව වාර්තා වේ.

පිලිපීනය ඔවුන්ගේ සැතපුම් 200 (322km) ක සුවිශේෂී ආර්ථික කලාපයේ (EEZ) චීන ක්‍රියාකාරකම් ගැන වරින් වර පැමිණිලි කර ඇති අතර, පිලිපීනය දිගු කලක් තිස්සේ චීන යාත්‍රාවල හිරිහැර කිරීම්වලට සහ ධීවර කටයුතු කඩාකප්පල් කරන බවට චෝදනා කරයි.

කොන්ග්‍රස් සභික රූෆස් රොඩ්‍රිගස්ගේ පනත් කෙටුම්පත විශේෂ මුහුදු මංතීරු සහ ගුවන් මාර්ග නම් කර ඇති අතර එමගින් නීතයානුකූලව ගමන් කරන විදේශීය නැව් සහ ගුවන් යානා අනුගමනය කළ යුතු නීති රීති නියම කර තිබේ.

පිලිපීනයේ අනුමැතියකින් තොරව කිසිදු චීන ජාතිකයෙකුට හෝ කිසිදු යාත්‍රාවකට ඔවුන්ගේ ජලයට ඇතුළු වීමට ඉඩ නොදිය යුතු බව ඔහු ඔහු එහිදී පවසා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles