බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් වගකීම රජය සතු බවට පාකිස්තාන අධිකරණය කියයි.

0
477

පකිස්තානයේ ඉස්ලාමාබාද් මහාධිකරණය එරට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට ගොදුරු වූ සිය ගණනකට බලාපොරොත්තුවක් ලබා දී ඇති බව හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය (HRW) ප්‍රකාශ කර තිබේ.

පසුගියදා සුවිශේෂී තීන්දුවක් නිකුත් කරමින් එම අධිකරණයේ අගවිනිසුරු ආතර් මිනාල්ලා කියා සිටියේ, ‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම’ පිළිබඳ සිද්ධියක් බව මූලිකවම නිගමනය කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන විට, අතුරුදහන් වූ පුරවැසියා සොයා ගැනීම රාජ්‍යයේ සහ එහි සියලුම ආයතනවල වගකීමක් බවයි.

කෙසේවෙතත්, මෙය ආරක්ෂක ආයතන විසින් රහසිගතව රඳවා තබා ගැනීම් සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සිදු කිරීම වලක්වාලීමට මෙතෙක් අපොහොසත් වී ඇති වසර ගණනාවක් පුරා දුන් අධිකරණ නියෝග මාලාවක නවතම නියෝගයක් බවට ද ප්‍රකාශ වී තිබේ.

2011 මාර්තු මාසයේ සිට, බලහත්කාර අතුරුදහන් කිරීම් පිළිබඳ පැමිණිලි 8,463 ක් පකිස්තානයේ බලහත්කාර අතුරුදහන් කිරීම් පිළිබඳ පකිස්ථාන කොමිසම වෙත ලැබී ඇති බව ද සදහන් වේ.

කෙසේවෙතත්, මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ සැබෑ සංඛ්‍යාවන් මීට වඩා වැඩි විය හැකි බවයි.

මේ අතර 2011 මාර්තු මාසයේදී රජය විසින් පිහිටුවන ලද අතුරැදන් වූවන්ගේ කොමිසම වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවද අගවිනිසුරු මිනාල්ලා සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here