පකිස්ථානයේ ගෑස් නලයක් පුපුරවා හැරේ.

0
330

පකිස්ථානයේ ප්‍රධාන ගෑස් බෙදාහැරීමේ නළයක් පුපුරවා හැර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ බලෝකිස්තානයේ ප්‍රදේශ රැසකට ගෑස් සපයන නළ මාර්ගයක් එලෙස පුපුරවා හැර ඇති බවයි.

නළය පුපුරවා හැර ඇත්තේ බලෝකිස්තානයේ Dera Bugti දිස්ත්‍රික්කයේදීයි.

හදුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් එය සිදු කර ඇතැයි මේවනවිට හෙළිවී තිබේ.

නල මාර්ගයට පුපුරන ද්‍රව්‍ය සවි කර අදාළ සන්නද්ධ කණ්ඩායම විසින් පසුව එම නළ මාර්ගය පුපුරවා හැර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බලෝකිස්තාන බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ප්‍රහාරයේ වගකීම පකිස්ථානයේ ක්‍රියාත්මක කිසිදු සන්නද්ධ කණ්ඩායමක් විසින් භාර ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here