Saturday, April 27, 2024

දකුණු අප්‍රිකාව චීන ඇගලුම් එපා කියයි.

දකුණු අප්‍රිකාවේ ඇගලුම් ක්ෂේත්‍රය චීනය මත යැපීම අඩු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඇගලුම් ක්ෂේත්‍රය ඉලක්ක චීනයෙන් සිදුකෙරෙන ආනයන අඩු කිරීමටයි දකුණු අප්‍රිකාවේ ඇගලුම් ක්ෂේත්‍රය නියෝජනය කරන වෙළඳුන් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

දකුණු අප්‍රිකාවේ සිල්ලර රෙදිපිළි වෙළඳුන් විසින් අලෙවි කරන රෙදිපිළිවලින් අඩකඩ වඩා ප්‍රමාණයක් විදෙස් රටවලින් ආනයනය කෙරේ.

එලෙස ආනයනය කෙරෙන රෙදිපිළිවලින් සියයට 60 ක් පමණ රට තුළ පැමිණෙන්නේ චීනයෙන්.

කෙසේවෙතත් මේවනවිට එරට සිල්ලර වෙළඳුන් දේශීය රෙදිපිළි මිලදී ගැනීමට නැඹුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එලෙස අලෙවි කරන දේශීය රෙදිපිළි මත ඔවුන් දකුණු අප්‍රිකානු ධජය සහිත ලේබල් අලවන අතර ඒ හරහා දේශීය රෙදිපිළි කර්මාන්තය නගා සිටුවීම සිය අරමුණ බව දකුණු අප්‍රිකානු රෙදිපිළි වෙළෙඳුන් පවසයි.

ඒ අනුව දකුණු අප්‍රිකාවේ රෙදිපිළී වෙළඳූන් අතර දේශීය මූලාශ්‍රවලින් සැකසූ රෙදිපිළි අලෙවිය 2019 වසරේදී සියයට 28 ක්ව පැවැති අතර එය මේවනවිට සියයට 40 ක් දක්වා වර්ධනය වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඊට අමතරව කොරෝනා වංසගත තත්ත්වය හමුවේ ජාත්‍යන්තර වෙලඳ කටයුතු සඳහා එල්ල වූ බාධා හේතුවෙන් දේශීය වෙලදපල පුළුල් වී දේශීය අමුද්‍රව්‍ය මත පදනම් වූ ඇගළුම් වෙලදපලක් දකුණු අප්‍රිකාව තුළ නිර්මාණය වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles