Sunday, September 8, 2024

පාකිස්තානය අගවිනිසුරුගේ තටු කපයි

පාකිස්ථානයේ අගවිනිසුරුවරයා සතු ස්වේච්ඡාවෙන් දැනුම් දීමේ අභිමතයට අදාළ බලතල සීමා කිරීමේ අරමුණින් පකිස්ථානයේ නෛතික කටයුතු පිළිබඳ අමාත්‍ය අසාම් නසීර් එරට පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් සභාගත කර තිබේ.
පකිස්ථාන රජයේ මෙම තීරණය පැමිණ ඇත්තේ පකිස්ථානයේ අගවිනිසුරුවරයාගේ බලතල සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ප්‍රශ්න කිරීමෙන් පසුවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය “එක් මිනිසෙකුගේ නැතහොත් අගවිනිසුරුවරයාගේ හුදකලා තීන්දුවක් මත රඳා පැවතිය නොහැකි” බව එම විනිසුරුවරුන් දෙදෙනා ප්‍රකාශ කර තිබුණි.
ජාතික සභා සැසිවාරය අතරතුර කළ කතාවේදී පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටි අතර වෙනසක් සඳහා අධිකරණය තුලින්ම පැන නගින හඬ නිසැකවම බලාපොරොත්තුවේ කිරණක් ලෙස ඔහු හඳුන්වා දෙනු ලැබීය.
පකිස්ථාන නීති අමාත්‍ය අසාම් නසීර් ද කියා සිටියේ ස්වයංක්‍රීය නිවේදන නමින් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමයට හානි සිදුව ඇති බවයි.
ඒ අනුව අග්‍රවිනිශ්චයකාරවරයාට හිමි ස්වේච්ඡාවෙන් දැනුම් දීමේ බලතල ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවකට පැවරීම මෙම පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත.
තවද, තීන්දුව අභියෝගයට ලක් කිරීමේ අයිතිය පිළිබඳ වගන්තියක් පනත් කෙටුම්පතට ඇතුළත් වේ.
මෙම පනත් කෙටුම්පතට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඇති ඕනෑම කාරණයක් විභාග කර අවසන් කළ යුත්තේ පකිස්ථානයේ අගවිනිසුරුවරයා සහ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුව විසින් පිහිටුවන ලද විනිසුරු මඩුල්ලක් විසිනි.
කමිටුවේ තීරණය බහුතරයට අනුව සිදු විය යුතු බවද පනත් කෙටුම්පතේ සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles