Sunday, May 19, 2024

ලෝකය සමග රත්වෙන ඉන්දියාව

ගෝලීය මධ්‍යන්‍ය මතුපිට උෂ්ණත්වය (GMST) වෙනස් වීමට ඉන්දියාවේ දායකත්වය 4.8% ක් පමණක් බව නව පර්යේෂණ පත්‍රිකාවක් අනාවරණය කර තිබේ.

එක්සත් ජනපදයේ දායකත්වය 17.3%කි. ගෝලීය වශයෙන් ඉහළම අගය වන අතර පර්යේෂණ පත්‍රිකාවට අනුව චීනයේ දායකත්වය ද 12.3%ක් තරම් ඉහළ අගයක් ගනී.

CO2, මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් (N2O) විමෝචනය සැලකිල්ලට ගනිමින් මෙම පර්යේෂණ පත්‍රිකාව සකස් කර ඇත.

පර්යේෂකයින් පවසන්නේ සංවර්ධිත ජාතීන් කාර්මික විප්ලවයේ සිට ගෝලීය උණුසුම ඉහළ නැංවීමට සැලකිය යුතු ලෙස දායක වී ඇති බවයි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සඳහා රටක් දරන වගකීමේ බර අවබෝධ කර ගැනීම සඳහා ඉතා වැදගත් වන අතර සාධාරණ කාබන් හරණ ක්‍රමවේද අනුගමනය කරන ජාත්‍යන්තර ප්‍රතිපත්ති සැලසුම් කිරීම පිළිබඳව තවදුරටත් අවධානය යොමු කළ යුතු බව පර්යේෂකයින් පෙන්වා දී තිබෙ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles