Sunday, May 5, 2024

බංග්ලාදේශ ජන සංහාරයේ අඳුරු මතක සිහි කෙරේ

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පළමු වරට 1971 ජන සංහාරයේ ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වුණි.
“බංග්ලාදේශයේ 1971 ජන සංහාරයේ වින්දිතයන් සිහිපත් කිරීම” යන මැයෙන් දින 3ක් පුරා මෙම ප්‍රදර්ශනය පවත්වනු ලැබීය.
ජාතික ජන සංහාර දිනය සිහිපත් කිරීම සඳහා විමුක්ති සංග්‍රාම කෞතුකාගාරය සමඟ එක්ව සංවිධානය කරන ලද ප්‍රදර්ශනය විදේශ ලේකම් තානාපති මසුඩ් බින් මොමන් විසින් විවෘත කරනු ලැබීය.
එය නැරඹීමට තානාපතිවරුන්, එක්සත් ජාතීන්ගේ නිලධාරීන්, නිදහස් සටන්කාමීන්ගේ සහ දිවි පිදූවන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී විය..
මෙය 1971 දී ආක්‍රමණික හමුදාව සහ ඔවුන්ගේ සහයෝගිතාකරුවන් විසින් බංග්ලාදේශ ජනතාවට එරෙහිව සිදු කරන ලද බිහිසුණු ජන සංහාරය ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නැයි බලකිරීම සඳහා ගන්නා උත්සාහයේ පියවරක් ලෙස මෙම ප්‍රදර්ශනය සංවිධාන කර තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles