Saturday, April 27, 2024

ගුරුවරුන් 7 දෙනෙක් ඝාතනය කෙරේ

පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ කුරම් දිස්ත්‍රික්කයේ ගුරුවරුන් හත් දෙනෙකු ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ රජය විසින් පවත්වාගෙන යනු ලබන පාසලක ෂියා ගුරුවරු පිරිසකි.
සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායමක් වන ටෙහ්රයික් ඊ තාලිබාන් සංවිධානය, ඝාතනයේ වගකීම භාර ගන්නා ලදී.
මෙමගින් පෙන්නුම් කෙරෙන්නේ පාකිස්ථාන ආණ්ඩුව වාර්ගික හා ආගමික සුලුතර කණ්ඩායම්වල ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම බව සමාජ හා දේශපාලන ක්‍රියාකාරීන් පෙන්වා දෙති.
කුරාම් යනු ප්‍රාදේශීය තලේබාන් ව්‍යාපාරයේ සුන්නි සටන්කාමීන්ගේ ප්‍රහාරවලට ලක්වන බහුතර ෂියා ජනගහනයක් වෙසෙන ගෝත්‍රික දිස්ත්‍රික්කයකි.
පසුගිය වසරේ ඉස්ලාමාබාද්හි රජය සමඟ පැවති සාම සාකච්ඡා අතරතුර සිරගත කර සිටි සටන්කාමීන් සියගණනක් සහ ඔවුන්ගේ නායකයින් නිදහස් කෙරුණු අතර, ඔවුන් නැවත සංවිධානය වී ප්‍රහාර දියත් කරමින් සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles