ගංවතුර සහනාධාර ලබාදීම මුවාවෙන් සුළුතර ප්‍රජාවන්ට අයත් කාන්තාවන් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියාවේ හිටපු කොන්ග්‍රස් නියෝජිතයෙකු සහ යුධ හමුදා ප්‍රවීණයෙකු වන මංගා ආනත්මුලා එක්සත් ජනපදයේ පාකිස්තාන තානාපති මසූඩ් ඛාන් හමුවී චෝදනා නගා ඇති බව වාර්තා වේ.
මෑතකදී පාකිස්තානයේ සිදු වූ විනාශකාරී ගංවතුර තත්වය මධ්‍යයේ නොමිලේ සලාකයක් ලබා දෙන බවට සදහන් කර සින්ද් පළාතේ බාල වයස්කාර හින්දු දැරියක් සමූහ දූෂණයට ලක්කර තිබිණ.
මසූඩ් ඛාන් සිකුරාදා වොෂින්ටන් හි ජාතික පුවත්පත් සමාජයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාකිස්ථානයේ ගංවතුර පිළිබඳ යාවත්කාලීන කිරීමක් කරමින් සිටි අතර එහිදී පාකිස්තාන තානාපතිවරයාට මංගා ආනත්මුලා මුණගැසී ඇත.
එහිදී පාකිස්තානයේ බලහත්කාරයෙන් ආගම් පරිවර්තනය කිරීම, ස්ත්‍රී දූෂණය සහ පාකිස්තානයේ සුළුතර කාන්තාවන්ට එරෙහි වෙනත් කුරිරුකම් පිළිබඳ ගැටළු විසඳීමට කටයුතු කරන ලෙස ඔහු මසූඩ් ඛාන් වෙත අවධාරණය කර ඇති බව වාර්තා වේ.
කාන්තාවන්ට සිදුවන හිංසනයන්ට එරෙහිව දැඩි විරෝධයක් පළකිරීමේ අරමුණින් මාධ්‍ය හමුව අතරතුර පෝස්ටරයක්ද ඔසවාගෙන සිටි මංගා ආනත්මුලා, බලහත්කාරයෙන් ආගමට හැරවීම සම්බන්ධයෙන් පාකිස්තාන නියෝජිතයාට මැදිහත්වන ලෙස ඉල්ලා සිටියේය.
පසුගිය ජුනි මාසයේදී පාකිස්තානය පුරා කාන්තාවන් 157 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති අතර කාන්තාවන් 112 දෙනෙකු ශාරීරික හිංසනයන්ට ගොදුරු වී ඇති අතර කාන්තාවන් 91 දෙනෙකු දූෂණයට ලක්ව තිබේ.