පාකිස්තානයේ උද්ධමනය සතිපතා සියයට තුනකින් නගියි.

0
302

ඛනිජ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් පාකිස්තානයේ උද්ධමන අනුපාතිකය පෙර සතියට සාපේක්ෂව සියයට 3.38 කින් වැඩි වී ඇති බව එරට වාර්තා පවසයි.

මෙම දත්ත පාකිස්තාන සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කර ඇති අතර ඉදිරියේ දී තවදුරටත් උද්දමනය ඉහළ යා හැති බවට ද පුරෝකතනය කර තිබේ.

පාකිස්තානයේ හිටපු මුදල් ඇමති ශෞකට් ටරීන් මිල ඉහල යාමට ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුමට දොස් පවරා ඇති බව සදහන් වේ.

වාර්ෂික උද්ධමනය සියයට 25 සිට 30 දක්වා පරාසයක පවතිනු ඇතැයි ද ටරින් පුරෝකථනය කර තිබේ.

පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල පිළිවෙළින් රුපියල් 84කින් සහ රුපියල් 115කින් ඉහළ දමා ඇති අතර විදුලි ගාස්තු සියයට 50කින් ඉහළ දමා තිබේ.

මූල්‍ය හිඟය අඩු කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර නැවත පණ ගැන්වීම සඳහා ඉන්ධන මිල වැඩි කරන බවට මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් පසුගියදා ප්‍රකාශ කිරීමෙන් පසු ඉන්ධන මිල ඉහළ නැංවීමට එරෙහිව සින්ද්හි විරෝධතා ද පවත්වා ඇතැයි පකිස්තාන වාර්තා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here