චීන ගෙවීම් ඇප් සමග තරගයට පිලිපීනය සහ වියට්නාමයෙන් වැඩසටහනක්

0
301

අග්නිදිග ආසියාවේ චීන ගෙවීම් යෙදුම්වල,(Chinese Payment Apps) ව්‍යාප්තිය සලකා බලමින් පිලිපීනය සහ වියට්නාමය මහ බැංකු ඩිජිටල් මුදල් (CBDCs) නිකුත් කිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයන් ඉක්මණින් මේ මස තුළ දී ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

චීන යෙදුම් වන Alipay, WeChat Pay සහ ඒ හා සමාන තවත් යෙදුම්වල ව්‍යාප්තිය හේතුවෙන් අදාළ රටවල මහ බැංකුවල ඩිජිටල් මුදල් කෙරෙහි වන උනන්දුව ඉහළ නැංවීමට හේතු වී ඇත.

වියට්නාමයේ දැනට මෙම චීන යෙදුම් දෙකම තහනම් කර ඇති නමුත් එය අනීතිකව රට තුළ පරිශීලකයින් සංඛ්‍යාව දිගටම වර්ධනය කරන බව පැවසේ.

මේ අතර මුල්ම ඩිජිටල් මුදල් ඒකකයක් නිකුත් කළ කාම්බෝජය දෙසට ගමන් කරමින් තවත් අග්නිදිග ආසියානු රටවල් ගණනාවක් ද මහ බැංකු ඩිජිටල් මුදල් නිකුත් කිරීම පිළිබඳ අධ්‍යනය කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.

ඇතැම් රටවල් ඩිජිටල් යුවාන් දේශ සීමාව හරහා ගලා ඒමට පෙර තමන්ගේම ඩිජිටල් මුදල් නිකුත් කිරීමට උත්සහ ගනිමින් සිටින බව සඳහන් වෙයි.

එක්සත් ජනපද ඩොලරය අග්නිදිග ආසියාවේ දේශීය මුදල් සමඟ පුළුල් ලෙස පිළිගනු ලැබුවත් චීනයෙන් වෙලඳාම සහ මූල්‍ය ප්‍රවාහයන් ඉහළ ගොස් ඇති හෙයින්, චීන යුවානයට එරෙහිව ස්ථාවර විනිමය අනුපාත ක්‍රියාත්මක කිරීම කලාපයේ මුදල් ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා ප්‍රමුඛතාවයක් වීම මෙම උනන්දුවට හේතු වී ඇතැයි පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here